ඉකුත් සෙනසුරාදා දිනයේදී චීනයේ දකුණුදිග ප්‍රදේශයේ චුවැන්ෂෝ නගරයේ කඩාවැටුණු හෝටල් ගොඩනැගිල්ලට යටවීමෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
මෙලෙස කඩාවැටී තිබුණේ, කොරෝනා වයිරසය ආසාදනය වූවන් වෙනුවෙන් නීරෝධායන මධ්‍යස්ථානයක් ලෙස වෙන් කළ හෝටල් ගොඩනැගිල්ලකි.
ගොඩනැගිල්ල කඩාවැටෙන අවස්ථාවේදී එහි 80දෙනෙක් රැඳී සිටියහ. ඔවුන් අතරින් 9 දෙනෙකු දිවි බේරාගත් අතර, සෙසු 71 දෙනා එහි සිර වී සිටියහ. ඊට යටවූ පුද්ගලයන් බේරාගැනීමේ කටයුතු අද දක්වා සිදුවෙමින් පැවතිණි.
ගොඩනැගිල්ල කඩාවැටෙන අවස්ථාවේදී පුද්ගලයන් 58දෙනෙකු නිරෝධායනය සඳහා යොමු වෙමින් පැවති අතර, ඔවුන් සියල්ලන්ට ම වයිරසය ආසාදනය වී නැති බව වාර්තා වේ.
(සීඑන්එන් ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි.... මේඩ් ඉන් චයිනා. අපේ නොරොච්චෝලේ එක හදපු කොම්පනියමද හදලා තියෙන්නේ ?
කඩාවැටුනේ ඉක්මණින් සැදුව ගොඩනැගිල්ලක්ද? ගසෙන් වැටුණු කෙනාට ගොනා අැන්න වාගෙයි.
කඩා වැටුනේ ඉක්මනින් හැදුව ගොඩනැගිල්ලක්ද? ගහෙන් වැටුනු කෙනාට ගොනා ඇන්නා වගෙයි.