(තරිඳු ජයවර්ධන)
වඩාත් කතාබහට ලක්වූ යාපනය චුන්නාකම් බලාගාරයෙන් ජලය දූෂණය වූ ප්‍රදේශවාසීන් 500 දෙනකුට රුපියල් ලක්ෂ 200ක වන්දි ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (4) නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමිනි.
මහජන අර්ථසාධක නඩුකරයක් ලෙස මෙය විභාගයට ගැනුණු අතර අද ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් බව තීන්දුව ලබා අධිකරණය ප්‍රකශ කළේය.
චුන්නාකම් විදුලි බලාගාරයක් නිසා ජලය අපවිත්‍ර වීමට එරෙහිව රජයේ ආයතන නිසි ක්‍රියාමාර්ග නොගත් බව කියමින් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය.
මෙම තීන්දුව ලබා දීමේදී ඉන්දියාවේ මෙවැනිම මහජන අර්ථකර නඩු කිහිපයක තීන්දු ද සැළකිල්ලට ගෙන තිබේ.
මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙනිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසිනි.
නීතීඥ නුවන් බෝපගේ මහතා සහ නීතීඥ චතුර වෙත්තසිංහ මහතා පෙත්සම්කාර රවීන්ද්‍ර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටියහ.
අද ලබා දුන් සම්පූර්ණ තීන්දුව පහතින්...
http://www.supremecourt.lk/images/documents/sc_fr_141_2015.pdf

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් තියෙනවා. පී.එච්.අයි ,මහවැලි අධිකාරිය ,ජලසම්පදනේ ඉන්න උනහේ ලාටත් නඩු දාන්න ඕනේ ජල සම්පත විනාශ කරන්න හෝටල් කරුවන්ට,ගරාජ් කරුවන්ට, කම්මල් කරුවන්ට ඉඩ දෙනවට. කළමනාකරණයක් නැතිව අපජලය පරිසරයට ,වැව් පොකුණු, ඇල දොළ ට බැහැර කරනවට වගකිවයුතු සියලුම දෙනාට නඩු පැවරිය යුතුයි .
උතුරට වන්දි.දකුණේ පස්සර ජනතාවට වෙඩි.
විශිෂ්ඨ නඩු තීන්දුවක්. නඩු විභාගය කල් ගත නොවේ නම් සාධාරණය අගය කළ යුතුය.