IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


චන්දිමාල් ජයසිංහගේ රියැදුරාට 12,500ක දඩයක්

(නිමන්ති රණසිංහ)

කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළ බව කියූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ රියැදුරා අන්තරාදායක ලෙස රිය පැදවීමේ චෝදනාවට රුපියල් 12,500ක දඩයක් කොළඹ අතිරේක මහෙස්්ත‍්‍රාත් ආර්. බණ්ඩාර නෙළුම්දෙණීය මහතා නියම කළේය.

අන්තරාදායක ලෙස රිය පදවා පදික මාරුවකදී අනුගමනය කළ යුතු නිසි කි‍්‍රයාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් මෝටර් වාහන පනත ප‍්‍රකාරව වරදක් කළැයි කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට ගොනු කර තිබූ චෝදනාපත‍්‍රයට වරද පිළිගත් මෙම චූදිතට මහේස්ත‍්‍රාත්වරයා එලෙස දඩ නියම කළේය.

මෙලෙස දඩ නියම වූයේ කලපලූවාව රාජගිරියේ පදිංචි නිමේෂ් දිල්ෂාන් බස්නායක නමැත්තාටය.

කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළ බව කියූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාව කොටුව පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය වෙත පෙනී සිටින ලෙසට නියම කර තිබූ අතර ඔහු ඉකුත් 31 වැනිදා අධිකරණයේ පෙනී සිට නැවත පිටත්ව යන අවස්ථාවේදී ඔහුගේ රියැදුරා මෙම රථවාහන වරද සිදුකර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

 



අදහස් (8)

චන්දිමාල් ජයසිංහගේ රියැදුරාට 12,500ක දඩයක්

arun Wednesday, 02 June 2021 07:49 AM

නඩු පිට නඩු - පෙරළි පෙරළි....

:       0       14

Ruhunu Wednesday, 02 June 2021 08:56 AM

වැදගැම්මකට නැති මිනිස්සු ගැන මොකට දානවද මන්දා? මේවා දාන්නත් දේවල්ද?

:       0       23

RaveendraWednesday, 02 June 2021 09:24 AM

සහතික ඇත්ත මළවිකාර මෝස්‌තර.., ඇඳුම් අන්දන මෙවන් කවටයින්ව මොකට මෙසේ ප්‍රසිද්ධ වෙන්න අවස්ථාව දීමත් මාධ්‍යයන්වල එක්තරා ආකාරයක ගතමනාව සොයාගැනීමක් විය හැකියි.

:       0       20

නුවන්Wednesday, 02 June 2021 09:48 AM

ඔබ හරි. ඕක රාත්‍රි 6.55 ප්‍රවෘත්ති වලත් යාවි ප්‍රධාන පුවතක් ලෙසින්..... ඔවුන් ට අවශ්‍ය වූයේ ප්‍රසිද්ධිය.... එපමණයි .

:       0       21

විජේ Wednesday, 02 June 2021 09:47 AM

මේ චන්දිමාල් ජයසිංහ කියන්නෙ තනිව විදවන ලෙඩෙක්. පව් ඉතින්,මෙයාලට අනුකම්පා කරලත් බෑ නොකරත් බෑ.......

:       1       16

අගුණ බණ්ඩා Wednesday, 02 June 2021 12:12 PM

මොහු මුදල් හොයන්නේ රූපලාවණ්‍ය කටයුතු වලින් නෙවෙයි. ඒක නමට දාගත්ත එකක්. හරියට අර සම්බාහන ආයතන කියලා කරගෙන යන සමහර තැන් වගේ...

:       0       8

fairoos Wednesday, 02 June 2021 12:28 PM

මල විකාර...!!! 

:       0       7

චින්තක Wednesday, 02 June 2021 08:43 PM

මේ රියදුරා මසුරන් වටිනා කතාවක් කියනවා. "වාහන එලවනකොට නීති කැඩෙනවා, ඒවාට උසාවියෙන් දඩ ගහනවා, ඔයගොල්ලොත් වාහන එළවනවා ඇතිනේ, දඩ කොළ කනවත් ඇතිනේ" නියම කතාවක් මාෆියාවට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site