IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


චන්දිමාල්ගේ සාදයට ගිය කලා පවුලක සාමාජිකාවක සොයයි

(යොහාන් භාසුර)
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පංතියේ හෝටලයකදී පැවැති සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කරමින් සිටින්නේ යැයි කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

එම ප්‍රධාන හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂාවෙන් මෙම පුද්ගලයන් හදුනාගත් බවත් කොළඹ මධ්‍යම දූෂණ විමර්ෂණ ඒකකය පරීක්‍ෂණ පවත්වමින් සිටින බවත් එම පොලිස් නිලධාරියා පැවසීය.

එම හෝටලයේ කළමනාකරුවකුගෙන් අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන්කරගත් බවත් සිද්ධිය වාර්තා වූ පසුගිය මැයි 30 වැනිදා රාත්‍රී එම හෝටලයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයාගෙන් හෙට ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය කියයි.



අදහස් (12)

චන්දිමාල්ගේ සාදයට ගිය කලා පවුලක සාමාජිකාවක සොයයි

Raveendra Thursday, 03 June 2021 10:44 AM

එක පාරින්ම අල්ල ගන්න හරි අමාරුයි නේද පොලිසියත්.. අන්න ඒ ළමයා ගෙදරට වෙලා තෝසෙ හද හද පෝස්ට් දානවා. දන්නේ නැති කෙනෙක් නෙමෙයිනේ. ගෙදරට ගියා නම් අල්ල ගන්න පුලුවන්. අජිත් මහත්තයාට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා නම් ඉල්ලා අස්වෙන්න කාලේ හරි...

:       0       0

WCA Thursday, 03 June 2021 10:46 AM

හොයන්න දෙයක් නෑ. කොහේ හරි ප්‍රයිවට් හොස්පිටල් එකක නැවතිලා ඇති. ඕකනේ දැන් ට්‍රෙන්ඩ් එක..

:       0       0

Aruna Thursday, 03 June 2021 10:58 AM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ...!!!

:       0       0

siri Thursday, 03 June 2021 11:33 AM

අපිට ඇහුණා නිරෝධායනයට ගෙනගිය බස් එක ඇතුළේදී කලා පවුලේ දුව කවුද කියල කියනවා. එම වීඩියෝව ලෝකය පුරා එක එක අය විසින් ප්‍රසිද්ධ කර තියෙන නිසා ඒ කවුද කියන එක වසන් කරන්න නම් ලැබෙන එකක් නැහැ. බලමු එයත් පොලිසියෙන් අල්ලා ගනීද කියලා...

:       0       0

chandima Thursday, 03 June 2021 11:34 AM

හෝටලයට සහ කළමනාකරුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ එම හෝටලයේ රජපවුල සතු කොටස් තියෙන නිසාද? එහෙම කතාවක් සමාජය තුළ ප්‍රචාරය වෙනවා.

:       0       0

pradeepa Thursday, 03 June 2021 12:04 PM

ඔය කියන කල පවුල ලැජ්ජා බයට හැදුණු පවුලක්.. එයාලා අත්අඩංගුවට ගන්න අමාරුයි. ලොකු තැන්වලින් උදව් තියෙනවා...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 03 June 2021 12:20 PM

මේ වගේ දේවල් හොයන්න කාලය හා මුදල් වැයකර කර ඉන්නේ. කොරෝනා හැදුණු ලෙඩුන් සොයා ඒ අයගේ ජීවිත බේරගන්න. මොනවද මේ රටේ කෙරෙන වැඩ...? අරෙහේ ලෙඩුන් දුක්විඳිනවා. මේ අය මේ වෙනත් දේවල් පස්සේ දුවනවා.

:       0       2

යෝගා Thursday, 03 June 2021 01:10 PM

බල්ලන් එක්ක ලැග්ගාම මැක්කො එක්ක නැගිටින්න වෙනවා...

:       0       2

C.K.Lankaputhra Thursday, 03 June 2021 01:11 PM

යම් කෙනෙක් එසේ සැඟවී සිටී නම් කොරෝනාවට දාලා වන්නා වු නීති රීති වලට අදාලව බරපතල වරදක් නේද? බලමු නීතිය ක්‍රියාත්මක වෙන හැටි...?

:       0       0

Demuni Uduwara Thursday, 03 June 2021 04:11 PM

මේ දැවෙන ප්‍රශ්න ගැන රජය සොයාබැලීම ඉතා අවශ්‍ය වේ..

:       0       1

Puppa Friday, 04 June 2021 02:00 AM

අප්පච්චිට බයිලා ගහපු කාලේ කාලේ කොල්ලගේ දුව ගැන වෙන්න ඇති මේ කියන්නේ..

:       0       0

Don perera Friday, 04 June 2021 05:21 AM

අපි නම් දන්නවා කවුද කියලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site