(අජන්ත කුමාර අගලකඩ)
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කරනු ලැබ සිටී.
ඔහුට හිමි පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු මොහොතකට පෙර පිරිනමන ලදී.
හිටපු පොලිස්පති එම්.කේ.ඉලංගකෝන් මහතා ආරක්ෂක අමාත්‍යංශ උපදේශක ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරන ලදී.
ඊට අමතරව අගවිනිසුරු ලෙස නීතිපති ජයන්ත ජයසුරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වැඩබලන නීතිපති ලෙස සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ද නව විගනකාධිපති ලෙස චූලන්ත වික්‍රමරත්න මහතා ද පත්කර ඇත.
COMMENTS
එතකොට හිටපු එක්කෙනාට මොකද ? උනේ
දැන් එතකොට ඉන්න රජයේ සේවකයාට මොකද කරන්නේ?
පොලිස්පති ඉවත් කරලා නෑ, වැඩ බලන පොලිස්පති කෙනෙක් පත් කරලා තියෙන්නේ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඉන්නා පොලිස්පති විදෙස් ගතවීම වගේ කාරණා කීපයක් යටතේ. ඇත්තටම කිව්වොත් පොලිස්පති පුජිත් ජයසුන්දර රාජකාරි වැඩකට විදෙස් ගතවෙලයි දැන් ඉන්නේ.
සී.ඩී. වික්‍රමරත්න මහත්මයා ආනන්ද විද‍්‍යාලයේ දිප්තිමත් ආදි සිසුවෙක්...
හිටපු කෙනාව අනිවාර්ය නිවාඩු යවලා...