(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුරු පුලුස්සා විනාශ කළ බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ ඉතිරිව සිටින පොලිස් නිලධාරීන් දසදෙනා මාතර දිස්ත්‍රික්කයෙන් පිටතට ස්ථාන මාරු කර යවන ලෙස මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා අද (24) පොලිස්පතිවරයා වෙත ලිඛිතව දන්වා යැවීය.
විශේෂයෙන්ම මෙවැනි අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පොලිස් විමර්ශන ඒකකයක නිලධාරීන් තව දුරටත් තම කොට්ඨාසයේ තබා ගැනීමට අකමැති බවද එම ලිපියේ සඳහන් බව දැනගන්නට ඇත.
ඒ අනුව ඉතිරි පොලිස් නිලධාරීන් සියලු දෙනාද ස්ථානමාරු කර යැවීමෙන් පසු දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකය නීත්‍යානූකූලව විසුරුවා හැරෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ඒකකයට අනුයුක්තව පොලිස් නිලධාරීන් 25 දෙනෙකු රාජකාරියේ යොදවා සිටි අතර ඔවුන්ගෙන් 15 දෙනෙකුට පසුගියදා පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාතවෙත ස්ථානමාරුවීම් ලබා දුන්නේය.
එම ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා හා උප පොලිස් පරීක්ෂක විරාජ් මධුෂංක යන අයවලුන් රත්ගම ද්විත්ව ඝාතනයට අදාලව සැක පිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
බොහෝ විට මෙම ස්ථාන මාරුවීම් නියෝගය ඉදිරිදින කිහිපය තුළදී ලැබෙනු ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය සිවිල් අපි පුද්ගලයෙක් පැහැර ගන්න ගියානම් අපිටත් පොලිසිය මෙහෙම සලකාවිද? ස්ථාන මාරු නොවේ වහාම මොවුන් රිමාන්ඩ් කරන්න. පස්සේ කියන්න එපා මේ ගොල්ලත් අර අර්ජුන මහේන්ද්‍රන්, මදූෂ්, අංගොඩ ලොක්කා වගේ එමිරේට් රටට හෝ සිංගප්පූරුවට පැනලා ගියා කියලා..
මාරපන බබා මෙය දන්නෙම නැහැ. මාරපන හා සියලුම නිලධාරීන් මාතරින් එළවන්න ඕනෑ..
පොලිසියට උගත් මිනිසුන් බදවගන්න තෙක් මෙවැනි දේවල් බලාපොරුත්තු විය යුතුය