IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


චිත්‍ර ප්‍රදර්ශනයේ නිම්වළලු පුළුල් වෙයි

 

 

කලාවට තැනක් නොතැනක් නැත. තම නිර්මාණය ඕනෑම තැනකදී නිර්මාණය කිරීමටත් එය ප්‍රදර්ශනය කිරීමටත් කලාකරුවා සමත්ය. මේ එයට උදාහරණයකි.

කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ  සිසුසිසුවියන් පිරිසක්  තමන් දෛනිකව භාවිත කරන වැසිකිලියේ ස්වරූපය මඳකට වෙනස් කරමින් එය කලාගාරයක් බවට පත් කර තිබේ. ඒ එහි සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්වීමෙනි. ‘පටිගත වුණ ආදරයට අනුගත වුණ නිරුවත’ ලෙස නම් කර තිබූ මෙම  ප්‍රදර්ශනයට සිතුවම් රැසක් එක්කර තිබුණි.

සිතුවම්  ප්‍රදර්ශනය විවෘත කිරීමට කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ අනුශාසක ගාමිණි ඒකනායක, හිටපු අධ්‍යයන ප්‍රධාන චතුර බණ්ඩාර යන මහත්වරු එක්ව සිටියහ.

 මෙම  ප්‍රදර්ශනය අංලකාර ලෙස සංවිධානය කර තිබූ අතර මෙම උත්සාහය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමිවී තිබිණි.

කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ  2016 සහ 2018 අධ්‍යයන වර්ෂවල සිසුසිසුවියන් පිරිසක් මෙය සංවිධානය කර තිබුණි.

මෙය නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියහ.

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 



අදහස් (0)

චිත්‍ර ප්‍රදර්ශනයේ නිම්වළලු පුළුල් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site