IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චිත්‍රපට සංස්ථාවේ සිදු වූ බව කියන අක්‍රමිකතා සෙවීමට කොමිසමක් ඉල්ලයි

(නාලක සංජීව දහනායක)
 
ඉකුත් රජය සමයේදී ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිදුව ඇතැයි පැවැසෙන සේවක බඳවාගැනීම් හා මූල්‍ය ගනුදෙනු ඇතුළු විවිධ අක‍්‍රමිකතාවයන් සෙවීම සඳහා කොමිසමක් පත්කරන්නැයි එහි වෘත්තිය සමිති අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
 
ජාතික චිත‍්‍රපට සංස්ථාව, මහා භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක්ව තිබියදී ජනාධිපතිවරණ සමයේදී නවක සේවකයන් 35 දෙනෙකු බඳවා ගැනීම සහ එම සම්මුඛ පරීක්‍ෂණ සඳහා රුපියල් ලක්‍ෂ 34ක මුදලක් වියදම් කර ඇති බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
 
එමෙන්ම ජාතික චිත‍්‍රපට සංස්ථාවේ විවිධ සංවර්ධන කටයුතු සඳහා ඇස්තමේන්තු ගත නොවී ගිවිසුම් රහිතව ඉදිකිරීම් කටයුතු කිරීම, ජනාධිපතිවරණ සමයේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් තනතුර සදහා නීති විරෝධීව සම්මුඛ පරීක්‍ෂණ පවත්වා වර්තමානයේ වැඩබලන සාමාන්‍යාධිකාරිවරයායෙග් ඥාතියකු බදවා ගැනීම, නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් නොතකා ඊ.ඒ.පී සමාගමට විදේශීය චිත‍්‍රපට අනායනයන කිරීමේ බලපත‍්‍රය ලබාදීම ඇතුළු වංචනික ක‍්‍රියා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලෙසද වෘත්තීය සමිති එම ලිපියෙන් ඉල්ලීමක් කර ඇත.
 
කැලණිය දළුගම චිත‍්‍රාගාරයේ සංස්කරණ මැදිරිය සදහා නියම වටිනාකමට වඩ වැඩිපුර මුදල් ගෙවමින් (මිලියන 30) තාක්‍ෂණික උපකරණ මිලදී ගැනීම (උපකරණවල නියම වටිනාකම රුපියල් මිලියන 17) වේ. එමෙන්ම ඉන්දියාවේ පැවැති චිත‍්‍රපට සංරක්‍ෂණ වැඩමුළු 3ක් සදහා නුසුදුසු සේවකයන් තෝරා යැවීම සහ විදේශීය චිත‍්‍රපට ආනයන කිරීමේදී රේගු ගාස්තු නොගෙවීමෙන් රුපියල් කෝටි ගණණක මුදලක් රජයට අහිමිකිරීම සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සදහා කඩිනමින් කොමිසමක් පත්කරන ලෙස වෘත්තීය සමිති එම ලිපිය මගින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.



අදහස් (1)

චිත්‍රපට සංස්ථාවේ සිදු වූ බව කියන අක්‍රමිකතා සෙවීමට කොමිසමක් ඉල්ලයි

ranjith Wednesday, 12 February 2020 11:45 AM

කොමිෂන් වලට වියදම් කරන මුදල්වලින් වැඩක් වෙනවද මහබැංකු හොරකමට, කොමිසන්වලට මොනතරම් මහජන මුදල් වියදම් කළාද? තවම හොරුන්ට දඬුවම් දෙන්න කිසිම උවමනාවක් නෑනේද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site