IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


‘චොකා මල්ලී’ ට එරෙහි නඩුව පෙබරවාරියේ නැවත කැඳවයි

(අජිත්ලාල් ශාන්තඋදය)
 
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලී’ ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව පෙබරවාරි 18 වැනිදා නැවත කැඳවීමට රත්නපුර අංක 2 මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද(17) නියම කළේය.
 
එම නඩුවේ තීන්දුව ලබාදීමට අද නඩුව කැඳවා තිබූ නමුත්, නඩුව විමසූ මහාධිකරණ විනිසුරුවරයා ස්ථානමාරුවී යාම හේතුවෙන් මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කළේය.

රත්නපුර මහාධිකරණ බලසීමාවට අයත් කහවත්ත නගරයේදී වර්ෂ 2015 ජනවාරි 05 දින හෝ ඊට ආසන්න දිනයකදී ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකුව සිටි මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක සැරසිලි කඩා දැමීම සහ තුවාල කිරීම අරමුණු කරගෙන වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඩ් ඉල්පාම් යන අයට වෙඩිතබා තුවාල කර මිනීමැරීමට තැත්කිරීම, බියවැද්දීම, දොඩංගොඩගේ සුනිල් පෙරේරා හෙවත් ශාන්ත දොඩම්ගොඩ යන අය ඝාතනය යන චෝදනා ඇතුළු අධි චෝදනා 9ක් විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබුණි.
 
පසුව විත්තිකරුවන් හතර දෙනෙකු 2019 ජනවාරි -26 දින නිදොස්කොට නිදහස් කරනු ලැබිය. ඒ අනුව විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පමණක් නඩුව ඉදිරියට පවත්වාගෙනයාමට විනිසුරුවරයා තීරණය කළේය.

සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයකොඩි, කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව එතැන්සිට නඩුව පැවති අතර විත්තිකරුවන්ට විත්තියේ සාක්කි හෝ විත්තිවාචික ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසිණි.
 
සෙසු විත්තිකරුවන් වූ සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයකොඩි, කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා යන අයද මෙදින අධිකරණය හමුවේ පෙනී සිටියහ.
 
රජයේ නීතීඥ රංජිකා රාජපක්‍ෂ මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටිමින් මෙම නඩුව පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය විනිසුරුවරයා ඉදිරියේ විභාගවූ නඩුවක් බවත් එහි තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීමට නියමිත බවද දැනුම් දුන්නාය.
 
එනිසා මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශ කිරීමට පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා පත්කරන ලෙස අගවිනිසරුවරයාට දන්වා යැවීමට කටයුතු කරන බව විනිසුරු ප‍්‍රදීප් අබේරත්න මහතා විවෘත අධිකරණයේදී පැවසීය. ඒ අනුව වැඩිදුර විමසීම පෙබරවාරි 18 දිනට නියම කරනු ලැබීය.
 
පැමිණිල්ලේ සහ විත්තියේ සාක්කි විභාගය ද අවසන් කර තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම අද (17) ට නියම කර තිබුණි. මෙදින තීන්දුව දෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් විත්තිකරුවන්ගේ හිතවතුන් ආධාරකරුවන් රැසක් අධිකරණය අවට රැස්ව සිටිනු දැකගත හැකිවිය.
 



අදහස් (4)

‘චොකා මල්ලී’ ට එරෙහි නඩුව පෙබරවාරියේ නැවත කැඳවයි

Bamunuarachchi Friday, 17 January 2020 07:08 AM

අනේ මෙගොල්ලෝයි මේ සිංහල රට පාලනය කරන්නේ? යකාගේ හැටියට විමානේ කියනවානේ. ඒ වගේ රටේ ජනතාවගේ හැටියට පාලකයෝ. ඇයි මේ පාලකයෝ අපේ ළමයින්ට හරියට ඇත්තේ නැත. ඒ නිසා අපේ ළමයි වෙන රටවල් බලා යනවා. චෝකාල චෝප්පෙලා වම්බෝට්ටලා මෙහෙ ඉතිරිවෙනවා.

:       0       105

Raveendra Friday, 17 January 2020 07:15 AM

මන්ත්‍රී නොවේ කවුරු උනත් වැරදියි නම් දඩුවම් උපරිමයෙන්ම දිය යුතුයි යන්න අපගේ එකම මතයයි. මන්ත්‍රී කොළද රතුද නිල්ද යන්න අපට නම් අදාළම නැත. " දේශපාලුවෙක් නොහොත් මන්ත්‍රියෙක් " යනු රටේ මහජනතාවට ආදර්ශමත් ලෙස හැසිරිය යුතු බව අප අමුතුවෙන් කිවයුතු නැත. එබැවින් ගරු අධිකරණය මෙවන් තිරිසනුන් හට උපරිමයෙන් අවශ්‍ය තෑගී ලබාදෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

:       0       263

eresh S kumara Friday, 17 January 2020 10:09 AM

යන යන තැන චොකා කරගන්න එක්කෙනෙක් හැම සෙට් එකකම ඉන්නවා

:       27       8

wedage Friday, 17 January 2020 10:21 AM

එතකොට සර්පයා මල්ලිට මොකුත්ම වෙන්නේ නැත්ද?

:       1       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site