IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ඝාතන කුමන්ත්‍රණයේ හිටියේ මෛත්‍රී-මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරු

පාර්ලිමේන්තුව රැස්වුණාම ඝාතන වෙන්න පුලුවන් කියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවත්, එම කුමන්ත්‍රණයේ සිටින්නේ කවුරුන්දැයි අද දැක බලා ගැනීමට හැකි වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
 
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ පැවැති රැස්වීමෙන් පසු සභා ගැබෙන් පිටව යමිනි.
 
‘‘මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා පාර්ලිමේන්තුව රැස්කළොත් ඝාතන කුමන්ත්‍රණයක් තිබෙනවා කියලා. අද බලා ගන්න පුලුවන් වුණා කුමන්ත්‍රණය තිබුණේ කාටද කියලා. අනිත් මන්ත්‍රීවරු අසුන්වල සිටියදී මෛත්‍රී-මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරු අසුන්වලින් නැගිටලා කළහකාරීව හැසිරුණා. කතානායකට පහර දෙන්න හැදුවා. කතානායකගේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරීන්ට පහර දුන්නා. මිරිස්කුඩු  වැනි දේ වලින් ගැහුවා.‘‘



අදහස් (16)

ඝාතන කුමන්ත්‍රණයේ හිටියේ මෛත්‍රී-මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරු

senarath Friday, 16 November 2018 09:36 AM

මේ රතුමල්ලිට පෙරේදා පාර්ලිමේන්තුවේ පිහි තියාගෙන හිටපුව මුකුත් මතක නැහැ. එයාලත් 88 89 කාලේ ඡන්දෙ මුලින් දමපු මිනිහගේ අත කපපුවා... බෙල්ලෙන් කපලා ගේට්ටු කණුව උඩ ඔලුව තියලා ගියපු ප්‍රජාතන්ත්‍රවාදේ මතකත් නැහැ... අද ඔක්කොම ඩොලර්වලට යටවෙලා...

:       6377       8559

DarshanaFriday, 16 November 2018 10:19 AM

ඔබ කියූ පරිදි පිහි ගෙනාපු එක පෙනිලා නැ වගෙයි ....

:       3       6

sameera Friday, 16 November 2018 02:22 PM

අතීතයේ එල්ලීගෙන වර්තමානයේ ප්‍රශ්නවලින් ලිස්සන්න හදන මෝඩ මිනිසුනේ, කියවපල්ලා බුදු වදන. අද ලෝකෙම බලාගෙන ඉන්න පාර්ලිමේන්තුවේ උන් මෙහෙම නම්, හෙට දිනයේ සාමාන්‍ය මිනිස්සුන්ට මොනවා නොකරයිද?

:       416       777

BamunuarachchiFriday, 16 November 2018 04:19 PM

වර්තමානයේ වන දේවලින් අනාගතයට පෙරවදන් දෙන්නත් එපා.

:       3       13

udayaSunday, 18 November 2018 01:59 PM

සමීර කරුණාකරලා ජවිපෙ අපතයන්ගේ පව් වහන්න බුද්ධාගම පාවිච්චි කරන්න එපා. ඒ අය කරපු ජාති ඔයා දන්නේ නැත්නම් වැඩිහිටියෙක්ගෙන් අහන්න. ඔය කාලකන්නි නිසා ජීවිත කීයක් විනාශ වුණාද? අනික ලෝකේ රටවල් ගහන බෙර පදේට අපි නටන්න ඕනේ නැ. ඔයාට ඩොලර් කොළ ලැබුණා නම් එ්ක වෙන කතාවක්... අපේ රට පාවාදෙන්න එපා.

:       63       116

Ajith NissankaFriday, 16 November 2018 03:36 PM

ඉතින් ඔයගොල්ලන්ටත් ඒ කාලේ තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදය මතක නැහැනේ !

:       4       3

Bamunuarachchi Friday, 16 November 2018 09:39 AM

ඇයි ඔබලා ශාන්ත මිනිස්සුද? අපිට 1971, 1989 හොඳට මතකයි

:       19       21

Bamunuarachchi Friday, 16 November 2018 09:39 AM

ඇයි ඔබලා ශාන්තදාන්ත මිනිස්සුද? අපිට 1971, 1989 හොඳට මතකයි... ඇයි පාර්ලිමේන්තුවට පිහි ගෙනාවේ? මහින්දලාද? නැතිනම් ඔහෙලා කොන්ත්‍රාත් කරන පාටියේ මිනිස්සුද? නොම්මර එකේ කුහකයින් තමයි.

:       15       15

Thilina Friday, 16 November 2018 09:52 AM

එතකොට අර ඊයේ පිහි අරගෙන සෙල්ලම් දාපු එක දැක්කෙම නැතෙයි? එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වෙලානේ මෙයා දැන්...

:       3       5

ගල්කටස් Friday, 16 November 2018 10:09 AM

ඔක්කොඔ එකයි. දියවන්නාවේ ඉන්නේ ඔක්කොම කාලකණ්නි රටකනවා. රට හිනස්සනවා. යම් අාකාරයකින් අධිකරණය තීන්දුව කලින් ගන්න තිබුණා නම්..., මෙහෙම නොවෙන්න තිබුණා. රටේ කරුමෙට එකත් සෑහෙන කල් ගියා...

:       0       350

suranga Friday, 16 November 2018 10:45 AM

මේකෙන් ජවිපෙ ගැන තිබ්බ පැහැදීමත් නැති වෙනවා ..

:       3       9

Sanath Kandy Friday, 16 November 2018 11:10 AM

ඔබේ පරිනත දේශපාලන භාවිතාව ඉතාමත් ආදර්ශවත්. මේ විනාශකාරී දේශපාලන ගමනෙන් රට මුදවා ගත හැක්කේ ඔබට පමණයි.

:       10       54

සෙනෙවි Friday, 16 November 2018 11:52 AM

ජවිපෙ හිටපු හොඳම අය සියල්ලම දැන් ඉන්නේ පෙරටුගාමී පක්ෂයේ... දැන් ජවිපෙ ඉතුරු වෙලා ඉන්න අය ඉටු කරන්නේ බටහිර කොන්ත්‍රාත් තමයි.

:       18       18

Sasith Friday, 16 November 2018 12:17 PM

ඇත්ත වෙන්න ඇති.

:       1       0

සෙනෙවි Friday, 16 November 2018 01:01 PM

මහත්තයා, වීරවංශ අනුගමනය කරමින් ඩොලර් කතා කියන්න එපා... එහෙම ඩොලර් තියෙනවා නම් දෙපැත්තේම සද්ගුණවත් මහත්වරු නිකං ඉඳීවි. මහින්දවාදීන්ට කණගාටු අැති නවත්තපු තැනින් කන්න නොලැබීම ගැන, මහින්ද මහතාට හරි පාරෙන් එන්න කියන්න...

:       3       19

V.warnakulasuriya Friday, 16 November 2018 10:00 PM

හොඳටම පැහැදිළියි.කතාව ඇත්ත.

:       8       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 850 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 967 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 390 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site