පාර්ලිමේන්තුව රැස්වුණාම ඝාතන වෙන්න පුලුවන් කියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවත්, එම කුමන්ත්‍රණයේ සිටින්නේ කවුරුන්දැයි අද දැක බලා ගැනීමට හැකි වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ පැවැති රැස්වීමෙන් පසු සභා ගැබෙන් පිටව යමිනි.
‘‘මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා පාර්ලිමේන්තුව රැස්කළොත් ඝාතන කුමන්ත්‍රණයක් තිබෙනවා කියලා. අද බලා ගන්න පුලුවන් වුණා කුමන්ත්‍රණය තිබුණේ කාටද කියලා. අනිත් මන්ත්‍රීවරු අසුන්වල සිටියදී මෛත්‍රී-මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරු අසුන්වලින් නැගිටලා කළහකාරීව හැසිරුණා. කතානායකට පහර දෙන්න හැදුවා. කතානායකගේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරීන්ට පහර දුන්නා. මිරිස්කුඩු වැනි දේ වලින් ගැහුවා.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රතුමල්ලිට පෙරේදා පාර්ලිමේන්තුවේ පිහි තියාගෙන හිටපුව මුකුත් මතක නැහැ. එයාලත් 88 89 කාලේ ඡන්දෙ මුලින් දමපු මිනිහගේ අත කපපුවා... බෙල්ලෙන් කපලා ගේට්ටු කණුව උඩ ඔලුව තියලා ගියපු ප්‍රජාතන්ත්‍රවාදේ මතකත් නැහැ... අද ඔක්කොම ඩොලර්වලට යටවෙලා...
ඇයි ඔබලා ශාන්ත මිනිස්සුද? අපිට 1971, 1989 හොඳට මතකයි
ඇයි ඔබලා ශාන්තදාන්ත මිනිස්සුද? අපිට 1971, 1989 හොඳට මතකයි... ඇයි පාර්ලිමේන්තුවට පිහි ගෙනාවේ? මහින්දලාද? නැතිනම් ඔහෙලා කොන්ත්‍රාත් කරන පාටියේ මිනිස්සුද? නොම්මර එකේ කුහකයින් තමයි.
එතකොට අර ඊයේ පිහි අරගෙන සෙල්ලම් දාපු එක දැක්කෙම නැතෙයි? එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වෙලානේ මෙයා දැන්...
ඔක්කොඔ එකයි. දියවන්නාවේ ඉන්නේ ඔක්කොම කාලකණ්නි රටකනවා. රට හිනස්සනවා. යම් අාකාරයකින් අධිකරණය තීන්දුව කලින් ගන්න තිබුණා නම්..., මෙහෙම නොවෙන්න තිබුණා. රටේ කරුමෙට එකත් සෑහෙන කල් ගියා...
මේකෙන් ජවිපෙ ගැන තිබ්බ පැහැදීමත් නැති වෙනවා ..
ඔබේ පරිනත දේශපාලන භාවිතාව ඉතාමත් ආදර්ශවත්. මේ විනාශකාරී දේශපාලන ගමනෙන් රට මුදවා ගත හැක්කේ ඔබට පමණයි.
ජවිපෙ හිටපු හොඳම අය සියල්ලම දැන් ඉන්නේ පෙරටුගාමී පක්ෂයේ... දැන් ජවිපෙ ඉතුරු වෙලා ඉන්න අය ඉටු කරන්නේ බටහිර කොන්ත්‍රාත් තමයි.
ඇත්ත වෙන්න ඇති.
මහත්තයා, වීරවංශ අනුගමනය කරමින් ඩොලර් කතා කියන්න එපා... එහෙම ඩොලර් තියෙනවා නම් දෙපැත්තේම සද්ගුණවත් මහත්වරු නිකං ඉඳීවි. මහින්දවාදීන්ට කණගාටු අැති නවත්තපු තැනින් කන්න නොලැබීම ගැන, මහින්ද මහතාට හරි පාරෙන් එන්න කියන්න...
හොඳටම පැහැදිළියි.කතාව ඇත්ත.