(නිමල කොඩිතුවක්කු)
මහනුවර නගරයේ ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති කටුගස්තොට, ගොහාගොඩ කසළ කන්ද පිළිබඳ ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.
මීතොටමුල්ල වැනි තවත් ඛේදවාචකයකට ඉඩ නොතබා එම ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ගොහාගොඩ කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ කටයුතු විධිමත් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අද(03) පැවති සාකච්ඡාවකදීය.
මහනුවර මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක කසළ බැහැර කිරීම සඳහා යොදා ගනු ලබන කටුගස්තොට ගොහාගොඩ කසළ කන්ද පිළිබඳව ප්‍රදේශවාසීන් කළ පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම සකච්ඡාව කැඳවා තිබුණි.
ජනතාව පීඩාවට පත්වීමට ඉඩ නොතබා විධිමත් කසළ ප්‍රතිචක්‍රීය ක්‍රමවේදයක් ඔස්සේ කසළ බැහැර කිරීමට කටයුතු කරන ලෙසත්, නගර සභාව සහ පළාත් සභාව එක්ව ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙසත් උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් දුන්නේය.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
COMMENTS
රටේ තියෙන ලොකුම කසල ගොඩ තමයි මෙයා
ඊට කලින් පාර්ලිමේන්තුවේ කුණු කන්ද සුද්ධ කරන්න ඕන නේද මුළු රටම ගඳ ගහනවා.
ගොහාගොඩ විතරක් නොවෙයි, මුළු නුවරම කුමන හේතුවක් නිසා නගර සභාවට /ප්‍රාදේශීය සභාවට කසල වෙන් කරන එක අනිවාර්ය කරන්න අමතක වෙලා තියෙනවා. පොලිතින් ටික වෙන් කරලා ගත්තහම අහාර දිරාපත්වෙන්න වැඩි කාලයක් ගතවෙන්නේ නැහැ.
එහෙම වෙනවානම් හොඳයි. ජනපතිතුමණි ස්තුතියි.
ඒ පාර මෙයා කොහෙවත් තියෙන කහල ගොඩකටත් අතදාල! අනේ අම්මප, මෙයා අත ගහපු මොකද්ද හරියට කෙරුනේ? හෙට, අනිද්දා සිරි මහත්තය ඔය කුණුගොඩ ඔලුවේ හලගන්නවා නියතයි! අපටත් එම පුවත ජාතික පුවත්පත් මගින් කියවන්නට (අ)වාසනාව ලැබේවි!!
පොලිතීන් නිපැයුම නවත්වන්නේ නැතුව කොහොමද පරිසරය රකින්නේ..? වර්තමාන සමාජයට පොලිතීන්, ප්ලාස්ටික් නොමැතිව පැවැත්මක් තිබේද..? නිකම් බොරු සංදර්ශන....
මෙයා හැම මගුලකටම අතදානවා. කිසිම තේරුමක් නැති වැඩ තමයි කළොත් කරන්නේ. මෙයයි, ඇමැතියි දෙන්නම එකයි.