
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගැස් කාන්දුවක් ගැන කලින් අනතුරු අඟවන උපකරණය දෙකක් පිලියන්දල ප්‍රදේශයේ තරුණයකු විසින් නිපදවා ඇත.
වොල්ට් 6 විදුලිධාරාවක් ක්‍රියාත්මක වන මෙම උපකරණය නිවසේ මුළුතැන්ගෙයි ගෑස් ලිපට ආසන්නව බිත්තියේ සවි කරගත හැකි ලෙස නිපදවා ඇත. මෙම එක් උපකරණය පැය 24 පුරාම ක්‍රියාත්මකව තැබිය හැකි බව එම උපකරණය නිෂ්පාදනය කළ බුද්ධික පෙරේරා මහතා කීය.
ගෑස් ලිපෙන් ,රෙගුලේටරයෙන්, බටයෙන් හෝ සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදු වුවහොත් සෙන්සරයක් මගින් ඒ බව හඳුනාගෙන ඒ බව නිවෙස් හිමියාට නාදයකින් දැනුම් දී අනතුර දුරු කර ගැනීමට අවකාශ සලසා දීමේ හැකියාවක් මෙම උපකරණයට ඇත.
නැවත පණ ගැන්විය හැකි බැටරියකින් ක්‍රියාත්මක අනෙක් උපකරණය ඕනම ස්ථානයකට රැගෙන යා හැකි ලෙස නිපදවා ඇත ,ෆෑන් එකක් එම උපකරණයට සවිකර ඇති අතර ඊට අමතරව වෝල්ටීයතාව දැක්වෙන පුවරුවක් ද මතුපිටින් එම උපකරණයට සවි කර ඇත
එම උපකරණයෙන් ද පෙර ආකාරයේ උපකරණයෙන් මෙන් ගෑස් කාන්දුව සුවඳ මගින් හඳුනා ගෙන අවදානම් කලාපයක් බව දැනුම්වත් කිරීම ද මෙමගින් සිදු කරන බව ඔහු පැවසීය
නිවසේ කවුරුත් නොමැති අවස්ථාවලදී ගෑස් කාන්දුවක් ඇති වුවහොත් ගෑස් මුළුතැන්ගෙයි පිරී තිබී දැඩි අනතුරක් විමේ හැකියාවක් ඇති නිසා ඊට පිළියමක් ලෙස මෙම උපකරණය තවත් වැඩි දියුණු කරමින් පෑන් එකක් සවිකර ඇති අතර එයද ක්‍රියාත්මක වී එමගින් මුළුතැන්ගෙයි තිබෙන ගෑස් විසර වීමේ හැකියාව මෙම උපකරණ ට හැකි බව නිර්මාණ ශිල්පී බුද්ධික කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි gas leak detectors වෙලදපොලේ ඇති තරම් තියෙනවා. ප්රශ්නය තමයි කොපමණ දුරක් ගෑස් එක මේ detector එක විසින් sence කරනවාද යන්නයි.
මෙවන් නිර්මාණකරුවන් ප්‍රවර්ධනය කිරීමට අපේ රටේ කිසි වැඩපිලිවෙලක් නැති අතර ඊට අනුරූප විදෙස් නිශ්පාදනයක් ආනයනය කිරීමට දේශ පාලුවෝ උනන්දු වනු ඇත. මක්නිසාද ඒවායේ “කොමිස්” නමැති උපාංගයක් ඇති බැවිනි.
පොත පතේ උපාධිකරුවන් දෙන ප්‍රායෝගික නොවන වැඩ නිසා හෙම්බත් වී සිටින ජනතාවක් ඉන්න අපේ රටට මෙවැනි අය හයියක් දෙනවා. ඒත් මෙවැනි දූෂිත රටක වගකිව යුත්තන් මේ අයට කවදාවත් ලැබිය යුතු වටිනාකම දෙන්නේ නෑ. තාක්ෂණික සහතිකය ලබා අවුරුදු දෙකක පළපුරුද්ද තිබේ නම් ඉතා ඉහළ වැටුපකට ඕස්ට්‍රෙලියාව හෝ කැනඩාවට යා හැකියි. ඉංග්‍රීසි දැනුම සාමාන්‍ය තරමට අවශ්‍යයි...