IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුවන් හමුදාවේ යානා 12ක් පිළිසකර කිරීමට පියවර

(ගාමිණි විතානගේ)

ශ්‍රී ලංකා  ගුවන් හමුදාවට අයත් දැනට භාවිතයේ පවතින යානා 12 ක් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විදේශ රටවලට යැවීමට ගුවන් හමුදාව පියවර ගෙන ඇත.

ඩොලර් මිලියන 49 ක් වැයවන මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී දැනටමත් භාවිතයේ ඇති කෆිර් යානා 5ක් අළුත්වැඩියා කටයුතු සඳහා ඊශ්‍රායලයට යැවීමට තීරණය වී ඇති අතර මේ මාසය තුල  එහි මූලික කටයුතු අවසන් කිරීමට ගුවන් හමුදාව කටයුතු කරමින් සිටී.

එමෙන්ම මේ වනවිටත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගනිමින් ඇති සී 130 වර්ගයේ ගුවන් යානා දෙකක් ඊශ්‍රායලයට යවා අලුත්වැඩියා කිරීමටත් සී 130 වර්ගයේම තවත් ගුවන් යානයක් පාකිස්ථානයට යවා අලුත්වැඩියා කිරීමටත් සැලසුම් කර ඇතැයි ගුවන් හමුදාව කියයි.

යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ටනොව් 32 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා තුනක් අලුත්වැඩියා කටයුතු සඳහා එරටට යැවීමට ද පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දශක 02ක් තිස්සේ භාවිතාවන එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 3 ක් ද අලුත්වැඩියා කටයුතු සඳහා ලිතුවේනියාවට යැවීමට  ද තීරණය වී ඇති අතර එම් අයි 35 වර්ගයේ ප්‍රහාරක යානා දෙකක් දඑහි යැවීමට තිරණය කර ඇත.

මේ අතර චීනයෙන් වයි 12 වර්ගයේ ගුවන් යානයක් අලුතින් ගෙන එන්නට ද පුහුණු කටයුතු සඳහා තවත් කුඩා හෙලිකොප්ටර් කිහිපයක් මිලදී ගැනීමට ද ගුවන් හමුදාවේ සූදානමක් ඇතැයි පැවැසේ.

එම මිල දී ගැනීම් සඳහා මේ වනවිටත් ලංසු තබා ඇති අතර එයට ද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



අදහස් (6)

ගුවන් හමුදාවේ යානා 12ක් පිළිසකර කිරීමට පියවර

Hafeel Friday, 08 January 2021 06:26 AM

එතකොට යුක්රේන්වලින් ගෙනා අර මිග් යානා ටික අලුත් වැඩියා කරන්නම බැරිතරම්ද?

:       0       7

චමිල ඉන්දික ජයසිංහ Friday, 08 January 2021 06:40 AM

රුපියල් කෝටි 850 කට ආසන්න මුදලක්. එක් යානයකට කෝටි 70කට වැඩියි අලුත්වැඩියාවට. එක්කෝ අලුත් යානා ගන්න ඕනි... නැත්නම්, මේ රටේ ගුවන් යානා හදන්න පටන් ගන්න ඕනෑ. ඔය ගොඩක් ඒවා යල් පැනපුවා වෙන්න පුලුවන්...

:       0       5

Nishantha Friday, 08 January 2021 08:03 AM

මේ සදහා මැදිහත්ව කටයුතු කරන්නේ නොනිළ වශයෙන් උදයන්ත වීරතුංගද?

:       0       5

sachithFriday, 08 January 2021 08:27 AM

යුක්රේනයේ ගෝඩ් ෆාදර් එයාම කියලා තිබ්බනේ.. ඇයි ඉතින් එයාම මේ වගේ ප්‍රශ්න අහන්නේ..?

:       0       5

රොෂාන් Friday, 08 January 2021 08:38 AM

ඇන්ටනෝව් 32 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා?

:       0       2

Kap Friday, 08 January 2021 11:47 AM

ජාතික ගුවන් සේවයේ ඉංජිනේරුවෝ අති දක්ෂයෝ, වෙන වර්ගවල ගුවන්යානා වුණාට විවිධ මට්ටමේ නඩත්තු කටයුතු කරන්න ඒ අයට පුළුවන්, දැනටත් සංකීර්ණ ඩී චෙක්ස් ඒ අය කරනවා. එන්ජින් overhaul ඒකට කොහොමත් නිෂ්පාදන කරන තැනින් අමතර බඩු සහ tech support ගන්න වෙනවා. ඇයි මේකට ඒ අය මැදිහත් වෙලා කරන්නේ නැත්තේ... මේ කාලේ මැදපෙරදිග ගුවන් සේවාවල වැඩ කරපු බොහෝ අය ලංකාවට අවිත් නිකන් ඉන්නවා. ඒ ශ්‍රමය භාවිතා කරන්න නැත්තේ ඇයි? කොච්චර සල්ලියක් ඉතුරු කර ගන්න පුලුවන්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31230 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13399 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 915 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site