IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගුවන් හමුදාවේ යානා අලුත්වැඩියාට යූක්‍රේන ගුවන් ඉංජිනේරුවරුන් 6 ක් ශ්‍රීලංකාවට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අලුත්වැඩියා කිරීම සදහා යූක්‍රේන ජාතික ගුවන් යානා ඉංජිනේරුවරුන් 06 දෙනෙකු අද(08) දින අලුයම යුක්‍රේනයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම ඉංජිනේරුවරුන් පමණක් මෙම ගුවන් යානයේ පැමිණ තිබූ අතර , ඔවුන් යූක්‍රේනයේ කියෙව් නුවර සිට පැමිණි පී.කිව්.- 5903 දරන යූක්‍රේනයට අයත් ස්කයි අප් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද අලුයම 4.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව් , ඒ.එන්.- 32 වර්ගයේ ගුවන් යානා 03 ක ජීවන කාළය අවසන් වී ඇති අතර , එම ගුවන් යානා පරීක්ෂා කර බලා , යූක්‍රේනය වෙත රැගෙන ගොස් සම්පූර්ණ අලුත්වැඩියා කිරීමක් සදහා නිර්දේශ කිරීමට , මෙම ගුවන් යානා නිපදවූ (Antonov Disign Biuro), ගුවන් යානා නිපදවූ ආයතනයේ ඉංජිනේරුවරුන් මෙසේ පැමිණි බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය .
 

මෙම කොරෝනා වසංගත රෝග තත්වය පිළිබඳව මෙම ඉංජිනේරුවරුන් එරට දී ද නීරෝධායනයට  ලක් වී , ඒ පිළිබඳව සහතික ද රැගෙන පැමිණ තිබූ අතර , ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව , යළිත් මෙරට නීරෝධායන කටයුතු සදහා මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලය වෙත යොමු කළ බවද ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .
 

මෙම නීරෝධායන කටයුතු නිමා වීමෙන් පසුව , මෙම ඉංජිනේරුවරුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව් ගුවන් යානා පරීක්ෂා කිරීම සිදු කරන අතර , පසුව ඔවුන්ගේ නිර්දේශ මත , ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් විසින් මෙම ගුවන් යානා 03 සම්පූර්ණ අලුත්වැඩියා කටයුතු සදහා යූක්‍රේනය වෙත රැගෙන යෑම සිදු කරන බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය .
 

මෙම ගුවන් යානා ඉංජිනේරුවරුන් රැගෙන පැමිණි යූක්‍රේනයේ ස්කයි අප් ගුවන් සේවයේ පී.කිව්.- 5904 දරන ගුවන් යානය , ශ්‍රී ලංකාවේ රැදී සිටි , මෙම වසංගත රෝග තත්වය නිසා යූක්‍රේනය වෙත යෑමට නොහැකිව සිටි යූක්‍රේන ජාතිකයන් 116 දෙනෙකු ද රැගෙන අද (08 ) දින අලුයම 5.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් , යූක්‍රේනයේ කියෙව් නුවර බලා පිටත්ව ගියේය .



අදහස් (9)

ගුවන් හමුදාවේ යානා අලුත්වැඩියාට යූක්‍රේන ගුවන් ඉංජිනේරුවරුන් 6 ක් ශ්‍රීලංකාවට

Chandrasoma Friday, 08 May 2020 05:12 AM

ඉතා හොද අදහසක්. අපි ලෝකයේ අනික් රටවල් සමග ඉදිරියට යන්න ඕන කාලය ඇවිත්. අපේ අයටත් ඉගෙන ගන්න හොද අවස්ථාවක්.

:       28       8

ජයතිස්ස Friday, 08 May 2020 06:20 AM

අපේ ඉංජිනේරුවන්ට වැඩ බැරි නිසාද නැත්නම් තව කාට හරි වාසියක් ගන්නද මේ යුක්රේනයේ ඉංජිනේරුවන් පැමිණ සිටින්නේ කියා සැකයක් ඇතිවේ.

:       48       297

රවීFriday, 08 May 2020 07:11 AM

හැමදේටම දේශපාලනය ගාවගන්න එපා.

:       326       32

ranaFriday, 08 May 2020 07:43 AM

අත්සන් කරන ලද ගිවිසුම් වල කොටසකි. මේ අලුත් වැඩියාව සහ නඩත්තුව සමාගමින් පමණි.

:       8       31

vipulaFriday, 08 May 2020 09:39 AM

ජයතිස්සල ගිය ආණ්ඩුව කාලේ කොහෙද හිටියේ?

:       223       3

Prabha Friday, 08 May 2020 10:18 AM

කලක් මෙතන රසවත් නිදහස් අදහස් ලියන පිරිසක් හිටියා. දැන්නම් ඉන්නේ දේශපාලන කදවුරු බැදගත් කල්ලි කිහිපයක් බව කණගාටුවෙන් හරි කියන්න ඔනේ...

:       0       94

lalithm Friday, 08 May 2020 10:40 AM

අපේ අයට බැහැ නොවෙයි බැරි කරනවා. අධිවේගී මාර්ග , මහාමාර්ග, වරාය කොහේ මොනවා කලත් චීනුන්ට කොන්ත්‍රාත් දෙන යුගය පටන්ගත්ත එවුන්ට හෙන හතම ගහන්න ඕනේ. අතයට ජරාවට ඔක්කොම කරන්නේ. ඉතින් අපේ තරුණ ඉංජිනේරුවෝ එක එකාගේ අතපල්ලෙන් වැටිලා වගේ වෙන රටවල එවුන්ගේ පස්ස හෝදන්න යනවා. රජ කුමාරවරු හොර පාරෙන් අජටාකාෂගාමියෝ වෙනවා.

:       3       212

de silva berlin Friday, 08 May 2020 12:46 PM

ලලිත් මහත්මය සාමාන්‍ය සිවිල් ගුවන් යානා (එයාර් බස් සහ බෝඉන් ) අලුත්වැඩියා කරන්න දන්නා කාර්මිකයන් සහ ඉංජිනේරුවරු අපේ රටේ ඉන්නවා.. නමුත් මෙම ඇන්ටනෝව් යානා අලුත්වැඩියා කරන්න පුළුවන් ඒවා ගැන දන්නා ඉංජිනේරුවන්ට.., ලෝකයේ භාවිතා කරන අැන්ටනෝව් යානා, එයාර් බස්, බෝයින් මගී යානාවලට සාපේක්ෂව ඉතා අඩු ප්‍රමාණයක් නිසා එම ගුවන් යානා අලුත්වැඩියා කරන්න දන්නා පිරිස ලෝකයේ වැඩිය නැහැ... ගුවන් යානා තාක්ෂණය කියන්නේ විශේෂ දෙයක්.., ගැරිජ් බාස්ලා හැම වර්ගයක්ම කාර්, ලොරි බස් ඔක්කොම වාහන අලුත්වැඩියා කරනවා වගේ හැම ගුවන් යානා ඉන්ජිනේරුවාටම හැම ගුවන් යානයක්ම අලුත් වැඩිය කරන්න බැහැ..

:       0       0

chandima Friday, 08 May 2020 01:12 PM

අන්තිම වෙනකල්ම කියවපුවමනේ වැඩේ තේරුනේ? අපිට බිල දාලා මෙහෙ කොටුවෙලා ඉන්න කට්ටියව ගෙනියන්නයි ඇවිත් තියෙන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site