(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අලුත්වැඩියා කිරීම සදහා යූක්‍රේන ජාතික ගුවන් යානා ඉංජිනේරුවරුන් 06 දෙනෙකු අද(08) දින අලුයම යුක්‍රේනයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මෙම ඉංජිනේරුවරුන් පමණක් මෙම ගුවන් යානයේ පැමිණ තිබූ අතර , ඔවුන් යූක්‍රේනයේ කියෙව් නුවර සිට පැමිණි පී.කිව්.- 5903 දරන යූක්‍රේනයට අයත් ස්කයි අප් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද අලුයම 4.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව් , ඒ.එන්.- 32 වර්ගයේ ගුවන් යානා 03 ක ජීවන කාළය අවසන් වී ඇති අතර , එම ගුවන් යානා පරීක්ෂා කර බලා , යූක්‍රේනය වෙත රැගෙන ගොස් සම්පූර්ණ අලුත්වැඩියා කිරීමක් සදහා නිර්දේශ කිරීමට , මෙම ගුවන් යානා නිපදවූ (Antonov Disign Biuro), ගුවන් යානා නිපදවූ ආයතනයේ ඉංජිනේරුවරුන් මෙසේ පැමිණි බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය .
මෙම කොරෝනා වසංගත රෝග තත්වය පිළිබඳව මෙම ඉංජිනේරුවරුන් එරට දී ද නීරෝධායනයට ලක් වී , ඒ පිළිබඳව සහතික ද රැගෙන පැමිණ තිබූ අතර , ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව , යළිත් මෙරට නීරෝධායන කටයුතු සදහා මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලය වෙත යොමු කළ බවද ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .
මෙම නීරෝධායන කටයුතු නිමා වීමෙන් පසුව , මෙම ඉංජිනේරුවරුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව් ගුවන් යානා පරීක්ෂා කිරීම සිදු කරන අතර , පසුව ඔවුන්ගේ නිර්දේශ මත , ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් විසින් මෙම ගුවන් යානා 03 සම්පූර්ණ අලුත්වැඩියා කටයුතු සදහා යූක්‍රේනය වෙත රැගෙන යෑම සිදු කරන බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය .
මෙම ගුවන් යානා ඉංජිනේරුවරුන් රැගෙන පැමිණි යූක්‍රේනයේ ස්කයි අප් ගුවන් සේවයේ පී.කිව්.- 5904 දරන ගුවන් යානය , ශ්‍රී ලංකාවේ රැදී සිටි , මෙම වසංගත රෝග තත්වය නිසා යූක්‍රේනය වෙත යෑමට නොහැකිව සිටි යූක්‍රේන ජාතිකයන් 116 දෙනෙකු ද රැගෙන අද (08 ) දින අලුයම 5.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් , යූක්‍රේනයේ කියෙව් නුවර බලා පිටත්ව ගියේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද අදහසක්. අපි ලෝකයේ අනික් රටවල් සමග ඉදිරියට යන්න ඕන කාලය ඇවිත්. අපේ අයටත් ඉගෙන ගන්න හොද අවස්ථාවක්.
අපේ ඉංජිනේරුවන්ට වැඩ බැරි නිසාද නැත්නම් තව කාට හරි වාසියක් ගන්නද මේ යුක්රේනයේ ඉංජිනේරුවන් පැමිණ සිටින්නේ කියා සැකයක් ඇතිවේ.
කලක් මෙතන රසවත් නිදහස් අදහස් ලියන පිරිසක් හිටියා. දැන්නම් ඉන්නේ දේශපාලන කදවුරු බැදගත් කල්ලි කිහිපයක් බව කණගාටුවෙන් හරි කියන්න ඔනේ...
අපේ අයට බැහැ නොවෙයි බැරි කරනවා. අධිවේගී මාර්ග , මහාමාර්ග, වරාය කොහේ මොනවා කලත් චීනුන්ට කොන්ත්‍රාත් දෙන යුගය පටන්ගත්ත එවුන්ට හෙන හතම ගහන්න ඕනේ. අතයට ජරාවට ඔක්කොම කරන්නේ. ඉතින් අපේ තරුණ ඉංජිනේරුවෝ එක එකාගේ අතපල්ලෙන් වැටිලා වගේ වෙන රටවල එවුන්ගේ පස්ස හෝදන්න යනවා. රජ කුමාරවරු හොර පාරෙන් අජටාකාෂගාමියෝ වෙනවා.
ලලිත් මහත්මය සාමාන්‍ය සිවිල් ගුවන් යානා (එයාර් බස් සහ බෝඉන් ) අලුත්වැඩියා කරන්න දන්නා කාර්මිකයන් සහ ඉංජිනේරුවරු අපේ රටේ ඉන්නවා.. නමුත් මෙම ඇන්ටනෝව් යානා අලුත්වැඩියා කරන්න පුළුවන් ඒවා ගැන දන්නා ඉංජිනේරුවන්ට.., ලෝකයේ භාවිතා කරන අැන්ටනෝව් යානා, එයාර් බස්, බෝයින් මගී යානාවලට සාපේක්ෂව ඉතා අඩු ප්‍රමාණයක් නිසා එම ගුවන් යානා අලුත්වැඩියා කරන්න දන්නා පිරිස ලෝකයේ වැඩිය නැහැ... ගුවන් යානා තාක්ෂණය කියන්නේ විශේෂ දෙයක්.., ගැරිජ් බාස්ලා හැම වර්ගයක්ම කාර්, ලොරි බස් ඔක්කොම වාහන අලුත්වැඩියා කරනවා වගේ හැම ගුවන් යානා ඉන්ජිනේරුවාටම හැම ගුවන් යානයක්ම අලුත් වැඩිය කරන්න බැහැ..
අන්තිම වෙනකල්ම කියවපුවමනේ වැඩේ තේරුනේ? අපිට බිල දාලා මෙහෙ කොටුවෙලා ඉන්න කට්ටියව ගෙනියන්නයි ඇවිත් තියෙන්නේ.