
(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක නිලධාරී තනතුරු සඳහා තෝරාගත් පිරිසට පත්වීම් නොදි දේශපාලන බලපෑම් මත වෙනත් පිරිසකට පත්වීම් ලබාදීමේ සූදානමක් ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමය චෝදනා කරයි.
ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක අංශයට ප්‍රායෝගික හා සම්මුඛ පරීක්ෂණයෙන් නිලධාරීන් 27 දෙනකු තෝරා ගෙන තිබූ අතර ඔවුනට ඉකුත් 3 වැනි දින පත්වීම් ලබාදීමට කටයුතු යොදා තිබූ බව ද අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ජනක අධිකාරි මහතා කියයි.
ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයකුගේ මැදිහත්වීම මත එම පත්වීම් හෙංචයියන් පිරිසකට ලබාදීමට මේ වනවිට කටයුතු යොදමින් සිටින බව ද ජානක අධිකාරී මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමටත් සිද්ද වෙන්නේ ඕකනේ. කිසිම උගත්කමක් සුදුසුකමක් නැති දේශපාලුවන්ගේ පවුල් වල අය.., නෑයෝ, හෙන්චයියලා දාගෙන වැඩ කරපු හැටි, වැඩ කෙරෙන හැටි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...