(අංජුල මහික වීරරත්න)
ගොවීන් දිගින් දිගටම වී අලෙවි කිරීමෙන් වැලකී සිටී නම් රටේ ඇති විය හැකි සහල් හිඟය මඟ හරවා ගැනීමට සහල් ආනයනය කිරීමට රජයට සිදුවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එවැනි තීරණයකට තමා පෞද්ගලිකව අකමැති වුවද ගොවීන්ගේ සහයෝගය නොලැබුණොත් ඇතිවිය හැකි තත්ත්වයන්ට තනිව එරෙහි වීමට තමාට හැකියාවක් නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
ගොවියන්ට වී සඳහා ලැබෙන සහතික මිල ප්‍රමාණවත් නැතැයි කිව්වත් පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව වත්මන් ආණ්ඩුව පොහොර සහනාධාරයත් සමඟ වැඩිපුර රුපියල් 31ක් ගොවීන්ට ගෙවන බව කී අලුත්ගමගේ මහතා
ඉකුත් ආණ්ඩුව වී මිලදී ගත්තේ කිලෝවක් රුපියල් 30 බැගින් බවද පැවසීය.
ගොවීන් මේ සැබෑ තත්ත්වය තේරුම් ගත යුතුව ඇතැයි ද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
COMMENTS
ගොවියාත් මස් රාත්තලම ඉල්ලන්නේ . මේවා ට උඩ ගෙඩි දෙන විපක්ෂය ත් තේරුම් ගන්න ඕන අනාගතෙදී එයාලටත් හාල් 150ට විකුණන්න වෙන බව.
ගොවියන්ගේ අස්වැන්න අඩුවෙලා, උද්දමනය වැඩිවෙලා..., බඩු වල ගාණ ගොඩක් වැඩිවෙලා... එහෙම වුණාම ඒ ගොල්ලන් කොහොමද ඔය ගානට වී විකුණලා ඉස්සරහට ජීවිතේ ගැටගහගන්නේ...
දැන් රටේ හාල් හිඟයට සහ අධික මිලට ගොවියෝද පළි?
පසුගිය රජය ගැන කතා කරලා වැඩක් නැහැ. ගොවීන්ට සාධාරණ මිලක් ලැබෙනවා නම් ඔවුන් වී අලෙවි කරයි... රජය මැදිහත්වීම අනවශ්‍යයි. මේ රටේ ගොවීන්ට කවදාවත් සාධාරණයක් ඉටුවුණේ නැහැ.
පොන්නි සම්බා ඔන්න ගෙනාවා ...මෙන්න ගෙනාවා කිව්ව නිසා අපිත් රැවටුනා. එයාලත් දන්නවා ඔයාලා රටින් හාල් ගෙන්නේ නැතිබව..... ඒකයි මෙහෙම අල්ලේ නටවන්නේ.
ඉස්සර වෙලා වී මිල පාලනය ඉවත් කරන්න. රු.55ට හරි, රු.70ට හරි ගොවියෝ වී විකුණනකම් ඉන්න. අනතුරුව වී මෝල් හිමියන් සමග කථාකරලා නියම මිල ගණන තීරණය කරන්න යන වියදම බලලා. ඒ අනුව වැඩ කරන්නේ නැතුව මෝල් කාරයා මෝල් නටනවා නම්, හාල් පිටරටින් සතොස හරහා ගෙන්නලා බෙදාහරින්න.
ඔක්කොම මිල වැඩිවන රටේ වී මිල පහත වැටීම කොහොමද වෙන්නේ. අනික කාබනික පිස්සුව නිසා අස්වැන්න අඩුයි.
පොහොර ගේග සල්ලි නැතුව හාල් ගේන්නේ කොහොමද
විපක්ෂය කුමක් කරන්නද ?වී සහ සහල් පාලන මිල නියම කරන්නේ ආණ්ඩුව .ලංකාවේ ලොකුම සහල් මෝල් 2 ,නිපුන සහ අරලිය සහල් මෝල් 2 ම අයිති ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ගේ .,බඩුත් හාමුදුරුවන්ගේ ,නඩුත් හාමුදුරුවන්ගේ,හොරුත් හාමුදුරුවන්ගේ
වී මිලදී ගැනීම ගොවීන් කියන විදියට ඉහළ නංවන්න ගියොත් සහල් මිල ගණන් අධික වීමෙන් පාරිභෝගිකයින්ට අත්වන ඉරණම ගැනත් හිතන්න වේවි. ගහන පදේට නැටීම නොකර සහල් ආනයනය කිරීම සුදුසුයි...
පොහොර සහන ඉවත් කරන්න.
සහල් ගෙන්වනවා කියා කියා ඉන්න එපා එක වතාවක් හරි කරන්න එතකොට නිකම්ම සහල් මිල පහතට ඒවි.