IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවත් කෙරේ

(නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගිය 30 වැනිදා වැඩබාරගත් රෝහණ දේව පෙරේරා මහතා අද (03) එම තනතුරින් ඉවත් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් එයට අදාළ ලිපිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා වෙත ඊයේ යොමු කර ඇත.

රෝහණ දේව පෙරේරා මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධූරයට පත් කිරීමට එරෙහිව එහි සේවකයින් හා තවත් පාර්ශ්ව ගණනාවක් විරෝධය පළ කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අමාත්‍යංශ ලේකම්වරයා විසින් රෝහණ දේව පෙරේරා මහතා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කළ විද්වත් කමිටු නිර්දේශය මත තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරය සඳහා රෝහණ දේව පෙරේරා මහතා පත් කරන ලදී.

 

 



අදහස් (14)

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවත් කෙරේ

විපරමා Monday, 03 February 2020 06:57 PM

ආර්ථික ඔස්තාර්ගේ කෙරුවාවල් ගැන මොන කතාද...?

:       2       510

Dasa P Monday, 03 February 2020 08:54 PM

ගහන්න බලන්න අත්පුඩියක්...

:       31       115

සමන්ත Monday, 03 February 2020 09:44 PM

තවමත් 2500න් පවුලකට ජීවත්වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න ඩයල් එකක්. ඉතින් කරන්නේ ජෝක් වැඩ...

:       0       108

ranjith Tuesday, 04 February 2020 01:16 AM

මේ රටේ මහජන මතය ගන අවබෝධයක් නැති විද්වත් කමිටු...

:       19       205

MD Tuesday, 04 February 2020 02:02 AM

ඇමැතිතුමනි, පරිස්සමෙන්... ජනපතිගේ කීර්ති නාමයට කැළැල් ඇති නොකරනු. කාටත් සවන් දෙන්න. පසුව ක්‍රියාත්මක වෙන්න. හැබැයි ළමයින්ට ඕනෑ විදිහට විදුහල්පතිලා පත්කරන්න එපා.. ඔබට ජය...!!!

:       68       98

ඉලේපෙරුම Tuesday, 04 February 2020 05:21 AM

මේක පුදුම වැඩක්නේ... හිතා ගන්නත් අමාරුයි. ජනපති විසින් පත් කරන ලද සුදුස්සන් තේරීමේ කමිටුව විසින් පත් කරන ලද සංස්ථා සභාපතිව අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඉවත් කරලාලු. හේතුව වෘත්තීය සමිති නව සභාපතිට කැමති නැති වීමලු... ජනපති තීරණයට වඩා වෘත්තීය සමිති තීරණය බලවත්ද?

:       32       59

සංජීව Tuesday, 04 February 2020 05:42 AM

මොනවද මේ විහිලු? අර මනුස්සයාගේ ආත්ම ගරුත්වය එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ? අද පත්කරනවා, හෙට ඉවත් කරනවා. මේ ආණ්ඩුව නම් තනිකරම විහිලුවක් වෙලා. ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්...

:       81       85

samTuesday, 04 February 2020 06:01 AM

සංජීව, ඔයා මේ සභාපතිගේ වැඩ බාරගැනීමේ කතාව ඇහුවා නම් එයාගේ ආත්ම ගරුත්වය ගැන කතා කරන්නේ නැහැ. ඉස්සෙල්ලා ඒ කතාව අහලා මෙයා සිටිය යුත්තේ ගුවන් විදුලියේද, එහෙම නැත්නම් අංගොඩද කියලා තීරණය කරන්න.

:       25       34

saaliTuesday, 04 February 2020 06:37 AM

විද්වත් මණ්ඩලයෙන්, සුදුසුම කෙනාලු තෝරන්නේ... දැන් බැලුවාම ඔක්කොම පිස්සන්...

:       45       117

Nimal ... Tuesday, 04 February 2020 06:35 AM

අර පහුගිය කාෙලෙනේ අවුරුද්දට දෙතුන්දෙනා පත් කරනවා කියලා යකා නැටුවේ. හැම සභාපතියෙක්ම පත්වන්නේ ජනාධිපති අනුමැතියෙන්. මොනවා කරන්නද ඇමෙරිකාවේවත් නැද්ද දන්නේ නෑ සුදුස්සෙක්?

:       13       70

සිරිබිරිස් Tuesday, 04 February 2020 09:04 AM

අපේ රටේ මිනිස්සු නිතරම කෙලින්නේ පිස්සු කියලා සින්දුවකුත් තියෙනවා. බලන් ගියාම ඒකෙත් ඇත්තක් නැතුවා නෙවෙයි...

:       0       20

nihal Tuesday, 04 February 2020 03:56 PM

නිමල් මයා .... උගත් සභාපතිවරු ඕනා තරම් මේ රටේ ඉන්නවා. ඒ අයව තෝරා පත්කරන්න උගත් ඇමති වරුයි නැත්තේ. යල්පැනගිය පාඨමාලා හදාරා කටපාඩම් කර විභාග සමත්වී ගත්තු උපාධි සහතිකෙන් උගතෙක් වෙන්නේ නැත.

:       0       0

sharm warn Wednesday, 05 February 2020 04:13 AM

ඔහොම යමු .. අපි බලාගෙන ඉන්නේ හැට අට ලක්ෂේ සතුට භුක්ති විදින හැටි.

:       0       0

sampath Thursday, 06 February 2020 12:10 PM

මේක විකාරයක්නේ. පත් කරනවා ඉවත් කරනවා. කිසිම ආයතනයකට හරියට වැඩක් කරන්න බැරිවෙනවා. ඉන්න අය වැඩ කරන්නෙත් නෑ. හරි හමන් මිනිස්සු පත් කරන්න පත් කරපු මිනිස්සු කරන්නේ මොනවද කියලත් හොයන්න ආණ්ඩුව වට්ටන්නේ ආයතන ප්‍රධානීන්ගේ ක්‍රියා කලාපයෙන් බව 2015 න් ඉගෙන ගන්න ඕනේ තරම් උදාහරණ දෙන්නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site