
(දයාසීලි ලියනගේ)
කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිය දෙසැම්බර් මාසයේදි ඇමෙරිකා ඩොලර් මිලියන 10ක මෙහෙයුම් ලාභයක් උපයා ඇත.
ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් හා ගුවන් තොටුපොළ භුමි මෙහෙයුම් කටයුතුවලින් මෙම ලාභය අපයා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමයේ සභාපති ජනත විජයපතිරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ප්‍රවාහන අංශය පාඩු ලැබුණත් මෙම ආයතනයෙ ලාභයක් ඉපැයු එකම අංශය භුමි මෙහෙයුම් අංශය බවද ඔහු ප්‍රකාශ කළේය.
කොරෝනා වසංගත තත්ත්වය නිසා මගී ප්‍රවාහන අඩාල වුවත් භාන්ඩ ප්‍රවාහනය වැඩි වශයෙන් සිදු වූ බව ද විජයපතිරණ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කිලෝ එකක් යුරෝපයට යවන්න ඩොලර් 2 යි දැන් ඩොලර් 6යි. ඉතින් ලාබ නොලබා තියෙය්ද?
සතුටුයි. මේ තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යන්න
ඔය එයාපෝර්ට් එකේ ඉන්න වැඩ බැරි මාන්නක් කාර නෝනාවරු මහත්වරු ටික නඩු පවරන්න දැම්මා නම් ශ්‍රීලන්කන් එකට තවත් ලාබැහැ ගන්න තිබ්බා
අන්න වැරැදුණු තැන.. දැන් ඔය ලාබෙට විදින්නේ කොහොමද කියලා 225ම ගණන් හදනවා ඇති. හැම එකාටම කෙළවුණත් අපි 225 විතරක් හිටියොත් ඇති කියලා තමයි හිතන්නේ..
නමුත් අති විශාල සේවක සංඛ්‍යාව නඩත්තු කරනවිට ඔය ලාබෙත් මදි. ලෝකයේ අනෙකුත් ගුවන් සමාගම් දෙදෙනෙකු යොදා කරගන්නා කාර්යයට මෙම සමාගමේ දස දෙනෙක් අනියුක්ත කොට තිබෙන බව දන්නෝ දනිති. එන එන ආණ්ඩුව සාමාන්‍ය රැකියා විශාල සංඛ්‍යාවකුත් මිලියන ගණන් පඩි ලබන අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකුත් පත් කරන්නෙ දියුණු රටවලවත් නොමැති ආකාරයට. දේශපාලකයන්ට විතරක් බැනලා වැඩක් නැහැ. නාගරික උගත් මිනිස්සු අතරෙ ෂේප් එකේ දේශපාලකයට කඩේ ගිහින් තමන්ගෙ කෙනාව රැකියාවට රිංගවන කට්ටිය හැම ඡන්දෙකදිම පහළ වෙනවා.
කාලයක් පවුලේ නෑයෙක් සභාපති වෙලා උන්නා. කරපු හරිය ලෝකෙම දන්නවා.
පසුගිය වසරේ කොරෝනා උග්‍ර සමයේ අනෙකුත් රටවල ජාත්‍යන්තර ගුවන් යානා ලංකාවට ඒමට ඉඩ නොදී, සිරි ලන්කන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කරන යානාවල කිසිම පහසුකමක් නොමැතිව, සිරි ලාංකිකයින්ගෙන් යාමට පමණක් සාමාන්‍ය ගුවන් ටිකට් පත මෙන් තුන් ගුණයක මුදලක් අය කර ගැනීමෙන් ලැබූ ලාභය මොවුන්ට වගතුවක් නම් වෙන එකක් නැහැ කවදාවත්. ඊට අමතරව සිරිලන්කන් එයාර් ලයින් එකට අනුබද්ධව ක්‍රියාත්මක උන හෝටල් නිරෝධායන මාෆියාව ගැන අමුතුවෙන් ලිවිය යුතු නැහැ. නුඹලා ඔය අසාධාරණයෙන් ජනතාවගේ ලේ මාංශ උරාබී විපත නුඹලාගේ ධන උල්පතක් කර ගත් ඒ තක්කඩි ව්‍යාපාරයෙන් ලැබූ අධික ලාභය වතුරේ දිය වී ගියා මෙන් බංකොලොත් භාවයට පත්වේවා යයි පතමි!!