(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට පසුගිය වසර හතර පුරාම ගුවන් යානා සහ නාවික යාත්‍රා මිලදී ගැනීමට නොහැකි වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
ගුවන් හමුදාව සහ නාවික හමුදාවට ගුවන් යානා සහ නාවික යාත්‍රා මිලදී ගැනීමට කටයුතු කළ සෑම අවස්ථාවකදීම ඊට බාධා කිරීම නිසා එම තත්ත්වය ඇති වූ බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ආරක්ෂක හමුදාවල තත්ත්වය පරීක්ෂා කර බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කිරීමටත් ඉන් අනතුරුව ගුවන් යානා මිලදී ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට මේ කාලයේ යුද්ධයක් තිබුනේ නැත්තේ... මෙයා මේක දැනගන්න අවුරුදු 4ක් ගියා. එහෙම වෙලත් තව අනුකමිටුවක් දාලා බලන් ඉන්න ඕනෑ අලුතින් ප්‍රහාරක යාත්‍රා ගන්න. රාජපක්ෂ පාලනයේ මොනතරම් අඩුපාඩු තිබුණත් යුද්ධය ඉවර කරා මේ වගේ ඔතෑනි නැතිව...
ඕවට මුදල් නාස්ති නොකර බඩු මිල අඩු කරන්න. ප්‍රශ්නයක් ඇතිවුණොත් මුහුණ දෙන්න තියෙන හමුදාව හොඳටම ප්‍රමාණවත්...
සමනල්ලු රටක් කරනකොට ඔහොම තමයි...
රටේ යුද්ධයක් නොමැති විට, ප්‍රහාරක යත්‍රා කුමටද?
මොන ගැටලුව තිබුණත් තම රටේ ආරක්ෂාවට මුල් තැන දියයුතු බව නොරහසකි. අප රටේ මුල් පුරවැසියා බාධා කිරීමක් කිව්වත් ඇයි කියන්න බැරි... අහවල් හරකා හෝ අහවල් හරක් බාධා කරනවා කියා? එමගින් නැවත වරක් සනාත වන්නේ මොහුට කශේරුකාවක් නොමැති බව නොවේද? කැබිනට් එකක්ද මොකක්ද කියන මරණාධාර සමිතියේ ප්‍රධානියා මෙයද නැත්නම් ඉන්දියාවේ හාදයෙක්ද? අනේමන්දා අනිත් වඩාත් හාස්‍ය උපදවන කරුණ නම් අවුරුදු 4ක් විතර ගියා.. මේ උන්දැට බාධා කරනවා කියල තේරුම් ගැනීමට. දැන් අපි මේ 225 ක් වූ ගොන් රෑනට ගවයන් ලෙස ආමන්ත්‍රණය කරාම එක එක පාටවල ගොට්ටන්ට අසුහාරදාහට ලේ කුපිත වෙනවා... මීහරක් නැතිව තව මොනවා කියන්නද...? අපේ බදුමුදල් වලින් පවුල් පිටින් ලජ්ජා නැතිව ගිලිමින් තාමත් ඉන්නවනේ අම්මපා ...
දැන් අපේ රටට ඕවද අඩු?
අපේ රට තොත්ත බබාලාගෙන් පිරුණු රටක් නේද? කියනකොට එහෙමයි... කරනකොට මෙහෙමයි.
එතකොට අර නැගෙනහිර මුස්ලිම් අන්තවාදීන් සෙට් එක අමෙරිකාවෙන් අලුත් ආයුධ ගෙනාවේ ලස්සන බලන්නද? ඕක තමයි හේතුව සමනල්ලු සෙට් එකට මහින්ද අවුරුදු තුනෙන් ඉවරකරපු යුද්ධය අවුරුදු තිහක් ට්‍රයි කරලත් බැරුව ගියේ..
කොහේගියත්, මොනවා කළත් අපේ ජනපති කරන්නේ වැලපෙන එකයි.
පිස්සෙක්ව මහා පුටුවට පැනගෙන නටන නාඩගමක් ...
අපේ ගෙවල්වල සීයලගේ කාලේ දොරමුල්ලේ හොඳ කිතුල් පොල්ලක් තිබුණා.. හොරෙක්, සර්පයෙක් අාවොත් පාවිච්චියට ගන්න. දවසගානේ හොරා අාවේ නැති වුනාට කිතුල් පොල්ල තියාගෙන උන්නේ අාපු දවසට ගහන්න. ඒවගේ අපේ අායුධ පරණ වෙලා පරිහානියට යවලා තියෙන වෙලාවක සතුරු ප්‍රහාරයක් අාවොත් මුහුණ දෙන්න බැරිවෙනවා. එ් නිසා යුද්ධයකට තරම්ම නැති වුනත් හමුදාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය තරමට නවීන අයුධ තිබිය යුතුයි. එව්වා කලින් කලට පරණ වෙනවිට අලුත් ආයුධ ගත යුතුයි. එසේ අපේ හමුදාව උපරිම අයුරින් නවීකරණය කර නොතිබීම නිසා තමයි LTTE සංවිධානය ගෙනෙන අලුත් පන්නයේ ආයුධවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට වෙනත් ආයුධ ගෙන්වන්නට වුනේ. නවීන ගුවන් යන එකක්වත් තිබුණා නම් ප්‍රවාහන යවලා ගොස් බැරල් බෝම්බ හෙලන්නට වෙන්නේ නැහැ. නවීන නිරීක්ෂණ නාවිකා තිබුණා නම් නැගෙනහිර වෙරලින් සතුරා ආයුධ ගොඩබාගන්නේ නැහැ. හමුදා නවීකරණය කොට තබාගැනීම රටක නායකයින්ගේ වගකීමක්. එයට උසුළු විසුළු කරන්නන් සහ විරුද්ධ වන්නන් රටේ සතුරන් හෝ අන්ත මෝඩයින් විය යුතුයි.
2015 වසරේ යුද වියදම් (දල ජාතික ආදායමේ ප්‍රතිශතයක් වශයෙන්) 2.60% වුන අතරේ රටේ අධ්‍යාපන වියදම (දල ජාතික ආදායමේ ප්‍රතිශතයක් වශයෙන්) වුනේ 2.22%. 2016 වසරේ මෙය වෙනස් වෙලා අධ්‍යාපන වියදම (දල ජාතික ආදායමේ ප්‍රතිශතයක් වශයෙන්) 3.49% වැඩි වෙලා. ගුවන් - නාවික ප්‍රහාරක යාත්‍රා ගත්තා නම් මෙම සංඛ්‍යා වෙනස් වෙනවා. ගුවන් හමුදාව සහ නාවික හමුදාවට ගුවන් යානා සහ නාවික යාත්‍රා මිලදී ගැනීමට කටයුතු කිරීමට බාධා කිරීම හොඳයි කියලයි මම හිතන්නේ.
අගමැති ඇතුළු මුළු ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි. මෙයාල රටේ මිනිස්සු එක්ක සෙල්ලම් කරන්නේ. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න එක්කෙනෙක්ටවත් ඊළඟ ඡන්දෙදි කතිරේ ගසන්න එපා.
අවි ආයුධ ගෙන්වීම කාටකාටත් හොඳ අග්‍ර භෝජනයක්.
ඔව්..ඔව්.. මිග් යානා නොතිබෙන්න ඔබතුමත්, හමුදාවත් අද නැහැ. කටුනායක පැත්තකට දමා තිබුණු යානා දෙකක් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර අලුත් යානා සැපයුවේ නැතිනම් හමුදාවමත්, අපත් ඉවර වෙන්න තිබුණා. ඉලක්කවලට පහර දෙන්න පාකිස්ථාන නියමුවන් උදවු කරා.. වට්ටම් නොදෙන ව්‍යාපාර අද ලෝකයේ නැහැ.. වැඩ නොකරම මේ ආණ්ඩුවේ සමහරුන් කොමිස් මුදල් ගන්නවා මහබැංකුව, හමුදාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම බරපතල ලෙස අවදානමට ලක්ව ඇත. වැඩනම් නොවන වැඩකරන හොඳම හොඳ තේරීම පමණක් අද ඔබ සතුව ඇත.
හමුදාව අකර්මන්‍ය කර රණ විරුවන් යුද අපරාධකරුවන් කරා මදිවට යුද්ධය පවතිද්දී කකුලෙන් ඇද්දේ කොළඹ හතේ කොලිජියේ සමනල කණ්ඩායම රටින් පන්නමු...
"දැන් අපේ රටට ඕවද අඩු?" ඉතාම බරපතල අවදානම් අදහසක්... අදුරදර්ශී නොවන්න. අපේ රටට ප්‍රබල හමුදාවක් අවශ්‍ය වෙනවා නැති නම් අනාගතය අවදානම්... ඔබතුමා පසුගිය වසර 33ක් හිටියේ එංගලන්තයේද?
යුද්ධයක් නැතත් මේක රටේ සංවර්ධනය වෙනුවෙන් මෙලෝ සිහියක් නැතුව දේශපාලු උත්තමයන් වැඩ කරන කාලයක්. එහෙ බැලුවත්, මෙහෙ බැලුවත් උන්නැහේලා ගජරාමෙට වැඩ දෙනවා. ඒ හින්දා රටේ ආරස්සාව වගේ නෙවේ.. උන්නැහෙලාට හමුදා ආරක්ෂාව අත්‍යවශ්‍යයි. ආරක්ෂක ගුවන් යානා, යුද්ධ නැවු, යුද්ධ ටැංකි ආදිය නැතුවම මේ ගොල්ලන්ට බැහැ. "මහා ජනතාවගෙන් ආරක්ෂා වෙන්න". අනිත් අතින්, ඒවා ගෙන්නන්නේ නැතුවම බැහැනේ, ජාතික ක්‍රීඩාව වන කොමිස් කෙළියෙන් විනෝද වෙන්න...!
මට අරක කරන්න දුන්නේ නෑ. මට මේක කරන්න දුන්නේ නෑ. මාව බංකුවේ වාඩිකරලා කිව්වා මට අරයා ගැහුවා.. මෙයා ගැහුවා... (ගහපු මනුස්සයා මලාට පස්සේ තමා කියන්නේ) මාව මරන්න හදනෝ 2015සිට අපිට අහන්න ලැබුනු සුපුරුදු අදෝනාවක්...!
දේශපාලන හෙන්චයියලා දාගත්තහම ඕක තමයි වෙන්නේ...
කට ගහන්නද ඔය ගුවන් යානා ගන්නේ? පිළිකා රෝහලට තව පෙට් ස්කෑන් යන්තරයක් ගත්තත් නරකද? අඳෝනාව තමයි මේ මනුස්සයගෙන් ඇහෙන්නේ.. තාම ග්‍රාමසේවක කියලද හිතාගෙන ඉන්නේ?
මිලදී ගැනීම් ගැන මෙතුමාට පුදුම උනන්දුවක් තියෙන්නේ මොකද දන්නේ නැහැ. මේ යුද්ධයක් නැති වෙලාවේ ඕවා ලංකාවේ හදාගන්න බැලුවා නම් හොඳ නැද්ද?
මේකෙ ගොඩක් උන් අපේ හොරා අපිට හොඳා... කියකිය ඉන්න වහල්ලු ඉන්නේ...
අපොය් අපේ සිරිසේන මහත්තයා නහයෙන් ඇදපු ගමන්මයි.
අපරාදේ කැබිනට් එකේ ලොක්කා පසුගිය අවුරුදු 4ම කැබිනට් එකේ නිදි කිරා වැට්ටෙන්නේ නැතුව සිහි බුද්ධියෙන් හිටියා නම් මේ ප්‍රශ්නේ මග ඇරගන්න තිබුණා..
මේ සිංහල රටට දෙමළාගෙන් තිබෙන තර්ජන දැක දැකත් රටට අවි ආයුධ මොකටද කියා අසන අයත් ඉන්නවානේ. යුද්දයේ ඉතිහාසය මතක තිබෙන සිංහලයින් දන්නවා පටන් ගැන්මේදීම අපිට එල්ටීටීයට ගහන්න බැරිවුනේ ආයුධ නොතිබුන නිසා බව. ඒ නිසයි මහින්ද මහතා අසා තිබුනේ මොකෙන්ද ගහන්නේ? ඕවා පාඩම් වලට ගෙන අපි නිතර සූදානමින් සිටිය යුතුය. මේ ආණ්ඩුවේ ඉන්නේ දෙමලුන්ගේ අවතාරය.
ගුවන් හමුදාවේ තිබෙන යානා වලින් අද භාවිතයට ගන්න පුළුවන් 30% විතර , අනිත් ඒවා නඩත්තු සහ සර්විස් නොකිරීම නිසා ගුවන් ගතකරන්න බැහැ අද යුධයක් නොමැති නිසා එපමණ යන ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ , හොඳම දෙය තිබෙන යන වලින් භාගයක් විකුණලා එම මුදල් වලින් අනිත් යානා අලුත්වැඩියා කරගෙන , අපට දැනට අවශ්‍ය නවීන නිරීක්ෂණ යානා සහ ද්‍රෝන යානා වැනි දේවල් මිලට ගෙන ගුවන් හමුදාව නවීකරණය කරගැනීම , මෙම අදහස ගුවන් හමුදාවේ ගෘප් කැප්ටන් , එයාර් කමාන්ඩර් වැනි නිලධාරීන් ඉහලට ඉදිරිපත් කලත් දැනට ඉන්න ගුවන් හමුදාපති සහ හිටපු ගුවන් හමුදාපතිවරුන් විසින් කිසිම සැලකිල්ලකට භාජනය කර නැහැ , මේ වරද දේශපාලන අධිකාරිය මතම පටවන්න බැහැ , හොඳම දෙය ජනාධිපති තුමාගේ නියෝජිත කණ්ඩායමක් ගුවන් හමුදාවේ ඉන්න නියමුවන් සමග සාකච්චක්ර ඔවුන්ගේ අදහස් සහ යෝජනාත් පදනම් කරගෙන ගුවන් හමුදාව නවීකරණය කරගැනීමය