(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට පසුගිය වසර හතර පුරාම ගුවන් යානා සහ නාවික යාත්‍රා මිලදී ගැනීමට නොහැකි වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
ගුවන් හමුදාව සහ නාවික හමුදාවට ගුවන් යානා සහ නාවික යාත්‍රා මිලදී ගැනීමට කටයුතු කළ සෑම අවස්ථාවකදීම ඊට බාධා කිරීම නිසා එම තත්ත්වය ඇති වූ බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ආරක්ෂක හමුදාවල තත්ත්වය පරීක්ෂා කර බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කිරීමටත් ඉන් අනතුරුව ගුවන් යානා මිලදී ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.