IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ගුවන් ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙයි

(ටී.කේ.ජී.කපිල ) 
 
                 
කාන්තාවන් පමණක් සහභාගී වී සිටින ගුවන් යානා කාර්යය මණ්ඩලයකින් සමන්විත ගුවන් ගමනක් ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ  මුල් වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව වෙත පිටත් කර යැවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය.
 
එසේ එම ගුවන් ගමන සංවිධානය කර තිබුණේ අද (8) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි.
 
මේ සඳහා මෙම යානයේ ප්‍රධාන නියමුවා මෙන්ම, සහායක නියමුවා ද කාන්තාවන් වූ අතර,  ගුවන් යානා කාර්යය මණ්ඩලයේ සියලු දෙනා ද කාන්තාවෝ වූහ.

ගුවන්යානයේ සමස්ත කාර්ය මණ්ඩලය 8 කි.
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම ගුවන් ගමන සඳහා A - 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබිණි.
 
මෙම ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලෝකයේ වෙනත් රටවල ගුවන් ගමන් සේවා ද මේ ආකාරයට කාන්තාවන්ගෙන් පමණක් සමන්විත ගුවන් ගමන් සංවිධානය කරයි . 



අදහස් (12)

ගුවන් ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙයි

ශ්‍රියා Friday, 08 March 2019 06:55 AM

2017 දෙසැම්බර් 2 නෙවෙයිද මුල්වරට කාන්තාවන් පමණක් සේවය කරපු ගුවන් ගමන(CMB-NRT) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ. විශාකා විද්‍යාලයේ 100 වන සැමරුම වෙනුවෙන් කරපු වැඩක් එක ආරංචි විදියට.

:       1       2

liyanageFriday, 08 March 2019 11:57 AM

ලෝකයේ වෙනත් රටවල ගුවන් ගමන් සේවා ද මේ ආකාරයට කාන්තාවන්ගෙන් පමණක් සමන්විත ගුවන් ගමන් සංවිධානය කරයි. ලෝකයේ බොහෝ රටවල බොහෝ කල් සිට කාන්තාවන්ගෙන් පමණක් සමන්විත ගුවන් ගමන් සිදුකරන අතර අපගේ අසල්වැසි ඉන්දියාවේ නව දිල්ලියේ සිට ශාන්ත ෆ්‍රැන්සිස්කෝ දක්වා ගුවන් ගමන් දැනටමත් සිදුකරනු ලැබේ. කාන්තාවන්ටත් පිරිමින් මෙන්ම සමාජයේ සමතැන් ලැබීමට අවස්ථාවන් සහ මාර්ග විවෘත කළ යුතුව ඇත.

:       0       0

සුරංග Friday, 08 March 2019 07:25 AM

ජීවිත අවදානමක් ගෙන සිංගප්පූරුවට ලඟා වූ සියලුම මගීන්ට හද පිරි ස්තුතිය.

:       1       49

Nandalal DE SILVA - France Friday, 08 March 2019 07:58 AM

ඔබට සුබ ගමනක් පතමි !

:       18       11

Samantha Friday, 08 March 2019 08:17 AM

ආඩම්බරයෙන් සුභ පතනවා....

:       3       6

Nandalal DE SILVA - France Friday, 08 March 2019 08:18 AM

ශ්‍රීලන්කන් ගුවන් සේවය මගින් පියාසර කරන මගීන් බොහෝ දෙනෙක් යානයේ ගුවන් සේවිකාවන් ගැන යහපත් මතයක් දරන්නේ නැත. සේවයට නිසි අයුරින් කැපනොවූ, මගී අවශ්‍යතාවයන්ට අත හිත නොදෙන, සමහර අයගේ මුහුණේ සිනහ රැල්ලක් නොදකින, ආඩම්බරකාර, උද්දච්ච, කිරිල්ලියන් රංචුවක් හැටියට සමහර මගීන් මොවුන් හඳුන්වනවා! මම අනන්තවාරයක් ශ්‍රීලංකා ගුවන් සේවය මගීන් පැරිස්-කොළඹ-පැරිස් පියාසර කර තිබුණත් ඔවුන් ගැන මෙවැනි චෝදනා ඉදිරිපත් කිරීමට සුදානම් නැත. කෙසේ උනත් "ලෝක කාන්ත දිනය" වෙනුවෙන්, අපේ "ගුවන් කෙල්ලන්ගේ" ආකල්පය තවත් දියුණු කරගැනීමට පුළුවන් නම් එය රටේ සංචාරක සංවර්ධනයටත්, ගුවන් සමාගමේ කීර්ති නාමයටත් යහපතක් වෙනු අත!

:       12       75

LashanFriday, 08 March 2019 09:31 AM

උද්දච්චකම තමයි.

:       0       25

LashanFriday, 08 March 2019 11:09 AM

ඔයා ප්‍රංශයේද?

:       1       20

Sanath Kandy Friday, 08 March 2019 08:29 AM

අපේ රටේ ආර්ථිකයට වැඩිම දායකත්වය දෙන්නේ වත්තේ තේ දළු නෙලන​, ගාමන්ට් එකේ ඇඳුම් මහන​, මැද පෙරදිග වහල් සේවයේ යෙදී ඉන්න කාන්තාවෝ. ඒත් දේශපාලන ක්‍ෂේත්‍රයේ කාන්තා නියෝජනය ඉතාම අල්පයි. දේශපාලකයින් අතර දූෂණය​, වංචාව වැඩි වෙන්න ඒකත් එක හේතුවක්.

:       1       126

prabha Friday, 08 March 2019 11:04 AM

නන්දලාල් මහතා කියන කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් අපේ මිනිස්සුත් දෙකක් කටේ හලාගත්තට පස්සේ ගුවන් සේවිකාවන්ට දෙන වද නිසාද බොහෝවිට ඔවුන් මගහැර ඉන්නවා මම දැක තිබෙනවා.

:       7       1

kamani Friday, 08 March 2019 11:13 AM

මේක කියවලා, මගේ ඇඟ හිරි වැටුණා...

:       19       1

Nihal Friday, 08 March 2019 05:42 PM

හරිම සතුටක්. සමහරුන්ට හැදෙන ඔලුව ඉදිමෙන රෝගය (cerebral edema) හැදුනොත් විනාශය නම් වැළැක්විය නොහැකිය. ලාල් මහතා කියපු කතාව 100% ඇත්ත. සුද්දන්ට කට පුරා හිනාවෙලා දක්වන සැලකිල්ල කැපිලා පේන දෙයක්... දවසක් අසනීප වෙලා හිටපු ලාංකික කාන්තාවකට පැනඩෝල් පෙත්තක් ඉල්ලුවා සතේකට ගණන් ගත්තේ නැහැ. ටිකට් එකට කෑමබීම අඩංගු නිසා මධ්‍යසාරය නොබොන සුද්දෙක් සුද්දියෙක් හොයාගන්න බැහැ. ඔවුන් කතා කරනවා, පොටෝ ගන්න ඒවා කිසිඳු ප්‍රශ්නයක් නැත. අපේ අය සිංහලෙන් කතා කරන නිසාදෝ එ්කත් මේ අයට මදි පුංචිකමක්... අපරාදේ කියන්න බැහැ.. සේවය කරන පිරිමි ටික එහෙම නැහැ.

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 568 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site