IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගුවන්තොටේ කුලි වෑන් රියේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 23

(ටී.කේ.ජී.කපිල)

පොටෑසියම් පර්ක්ලෝරයිඩ් නැමැති පුපුරන ද්‍රව්‍ය කිලෝ  25 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපළට ඇතුළුවීමට තැත් කළ ගුවන් තොටුපළ කුළී රථ රියැදුරකු සහ එම වෑන් රථය අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය කියයි.

මීගමුව , උතුරු කදිරාන , වෑබිම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම රියැදුරුවරයා සහ වෑන් රථය ද , පුපුරන ද්‍රව්‍ය තොගය ද කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබේ .

ගුවන් තොටුපළ පොලීසිය මේ වනවිට මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .

මෙම වෑන් රථයේ හිමිකරු කිඹුලපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදන කටයුතුවල යෙදී සිටින ව්‍යාපාරිකයෙකු බවත් ,  ඔහු බලපත්‍ර මත රතිඤ්ඤා නිෂ්පාදනය සදහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය වර්ග තුනක් , මෙම වෑන් රථය මගින් රතිඤ්ඤා රැගෙන ආ බවත‍ෙ එම රියදුරා පවසා ඇත.

ගුවන් තොටපොළ කුළී රථයට හිමි ගමන් වාරය ආසන්න වීම නිසා , තමන් කඩිනමින් මෙම වෑන් රථය , ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට කටයුතු කළ බවත් එහිදී අතපසුවීමකින් මෙම පොටෑසියම් පර් ක්ලෝරයිඩ් තොගය , මෙම වෑන් රථයෙන් බා ගැනීමට අමතක වී ඇති බවත්,  එම රියැදුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .

 



අදහස් (0)

ගුවන්තොටේ කුලි වෑන් රියේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site