(ඩයනා උදයංගනී)

මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ තුනක් සිදුවී තවත් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර, අයගම දුම්බර ග්‍රාම සේවා වසමට අයත් මැදපොල ප්‍රදේශයේ කන්දක් නාය යාම හේතුවෙන් ඊට යට වී වයස අවුරුදු 16 ක සිසුවියක් මියගොස් ඇති අතර තවත් පුද්ගලයකු අතුරුදන් වී ඇත.

පුත්තලම, මාදම්පේ ප්‍රදේශයේදී සහ කොළඹ දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයේදී දිය නෑමට ගිය දෙදෙනකු ද දියේ ගිලී මියගොස් ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.

පුත්තලම මහවැවේ දියනෑමට ගිය තරුණයකු ද අතුරුදන්ව ඇත.