(සුජිත් හේවාජුලිගේ )
ලෝක උරුමයක් වන ගාල්ල කොටුවෙහි ස්ථාන කිහිපයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පුළුල් ආකාරයට ප්‍රතිසංස්කරණය කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
ප්‍රතිසංස්කරණ කටයුතු කෙරුණේ එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි යැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ගාලු උරුමය පදනමේ සහයෝගය ලැබිණ.
ගාලු කොටුවේ ප්‍රතිසංස්කරණය කෙරුණ ස්ථාන දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පසුගියදා නිරීක්ෂණය කළේය.
ඔහු එම නිරීක්ෂණ කටයුතු කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.
යුනෙස්කෝ සංවිධානය ගාලු කොටුව ලෝක උරුමයක් ලෙස 1988 වර්ෂයේදී ප්‍රකාශයට පත් කළේය.
ගාලු කොටුව නිර්මාණය කිරීමෙන් අනතුරුව මෙසේ පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදු කෙරෙන්නේ වසර 433 කට පසුව බව අමාත්‍යාංශය පවසයි.
මීට පෙර එක් අවස්ථාවකදී පමණක් සුළු ප්‍රතිසංස්කරණයක් සිදුකෙරුණු බව වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගාලු කොටුව ’’පොලිෂ්’’ වෙයි