(ඩී.ජි සුගතපාල)
ගාල්ල කොටුවේ පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් අද (11) කඩා වැටී ඇත.ඒ අසල නවතා තිබූ ත්‍රී රෝද රථයකට හානි සිදුවී ඇති නමුත් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.
මෙම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ලන්දේසි පාලන සමයේ ඉදි කරන ලද ගොඩනැගිල්ලක් වන අතර ලංකාවේ ආරම්භ කරන ලද ප්‍රධාන තැපැල් කාර්යාලවලින් එකකි.
1977 වනතුරුම ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ මෙම ගොඩනැල්ලේ වන අතර පසුව ගාල්ල නගරයේ ඉදි කරන ලද නව ගොඩනැගිල්ලකට ප්‍රධාන තැපැල් කාර්යාලය ගෙන ගොස් තිබේ. මෙම ගොඩනැගිල්ලේ සාමාන්‍ය තැපැල් කාර්යාලයක් පවත්වාගෙන ගොස් ඇත.
මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කොට කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත යවා තිබෙන බවත් ප්‍රතිපාදන ලැබුණ පසු එහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට සුදානම් කර තිබූ බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර කොමසාරිස් වසන්තා අලහකෝන් මහත්මිය පැවසුවාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටුවෙ ඇතුලේ හරි නීති.. ලෙහෙසියෙන් ඕවා ප්‍රතිසංස්කරණය කරන්න දෙන්නේ නැහැ. දැන් නම් ඕකෙ මොනවා කඩන් වැටේවිද දන්නේ නැහැ. යන්නත් බයයි පොඩි දරුවොත් එක්ක...
මේවා පිළිසකර කරන්න පිටරටින් එන කෝටි ගණන් ඩොලර් මකාද පිල්ලි ගහන්නේ?
ගොඩනැගිල්ල කඩා වැටෙනකම්ම බලධාරීන් තද නින්දේ... අනේ මෙහෙමත් රටක් !!!
ත්‍රීවීල් හිමිකරු පව්. ගොඩක් දුරට තර්ඩ් පාටි දාගෙනනේ දුවන්නේ..
අහන්න දෙයක්ද? කඩා වැටෙන එක බිත්ති දිගේ ගස්වැල් වැවෙනකම් ඒවා සුද්ද නොකර ඉන්නකොට මේවට වග කියන්න ඕන නිලධාරින් කෝ?