IMG-LOGO

ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති


 (ජේ.කේ.එල් චාමින්ද)
 

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්  හෙට(28) සිට සිය රාජකාරි කටයුතුවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දුකොට ඇති බැව්  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ  ලේකම්  වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි.
 
ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා විසින් ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බ්‍රර්ටම් සිල්වා මහතා බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ලිඛිතව සමාව ඉල්ලා සිටියයුතු බවද  ඒ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 26 වැනිදින දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සාකච්ඡාවක්  පැවති බවත් එම සාකච්ඡාව සදහා නියෝජ්‍ය නගරාධිපතිවරයා නොපැමිණිම නිසා එයද ආසාර්ථක වු බවත් ඒ මහතා පවසයි.
 
 කෙසේවුවද  මෙම ගැටළුව විසදාලීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ සහ  ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ  යන මහත්වරුන්  විසින් කරණු ලබන කැපවීමට ගරුකිරීමක් වශයෙන්  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කොරෝනා මර්ධන කටයුතුවල නිරතවන බවද හෙතෙම පවසයි.  ආණ්ඩුකාරතුමා සමග පැවති සාකච්ඡාවේදි  රජයේ නිලධාරින්ගේ වෘත්තිය  ගරුත්වයට හා ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ගැටළුකාරි තත්වය නිසා උප නගරාධිපතිවරයා  නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන්  සමාවගතයුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මගින් ඉල්ලා සිටි බවද වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි. එමෙන්ම ගාල්ල මහනගර සභාවේ  ස්ථාපිත කොට ඇති සෞඛ්‍ය අංශය වෙනත් ස්ථානයක ස්ථාපිත කළයුතු බවත්  ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දෙදෙනාට එම ස්ථානයේ සිට කොරෝන මර්දන කටයුතු කළ හැකි බවට මෙම සාකච්ඡාවේ දි ඉල්ලිමක් කළ බවද ඒ මහතා පවසයි. ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් නගර සභාවෙන් පිටත වෙනත් ස්ථානයක සෞඛ්‍ය  ඒකකය ස්ථාපිත කිරීම සදහා ස්ථානයක් සොයා බලමින් සිටින බවද ඒ මහතා පවසයි.
 
ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දෙදෙනා තවදුරටත්  නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සේවයට වාර්තා නොකර සිටීමට තීන්දුකොට ඇති බව බවද හෙතෙමෙ පවසයි. 28 වැනිදින රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලු දිස්ත්‍රික් ශඛාවේ සියලුම ශාඛා සංගම්, සමාජිකයින්ගේ සහභාගිත්වයෙන්  පවත්වන විශේෂ සාකච්ඡාවේදි  කරාපිටිය රෝහලඇතුල ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්  සෞඛ්‍ය ආයතන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට  සහයෝගය දක්වන අයුරු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද  ඒ මහතා පවසයි.
 
 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලුදිස්ත්‍රික් විධායක කමිටු විශේෂ සාකච්ඡාවේ දි මෙම තිරණවලට එළඹුන බවද  හෙතෙම පවසයි.වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ද දැනුවත් කොට ඇති බවද ඒ මහතා සදහන් කරයි.



අදහස් (2)

ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති

rangeeth Sunday, 27 December 2020 04:54 AM

බැන්නේ කවුද? නගරාධිපති.., ස්ට්‍රයික් කරන්නේ දොස්තරලා. ඛෙහෙත් නැති වෙන්නේ කාටද? කොහෙවත් ඉන්න අසරණ දුප්පත් මිනිස්සුන්ට... නගරාධිපති නම් ඛෙහෙත් ගනියි පුද්ගලික ඉස්පිරිතාලවලින්... අර මිනිස්සු කොහෙන් ගන්නද? දැන් තේරෙනවද උගත්කමයි, බුද්ධියයි කියන්නේ දෙකක් කියලා...

:       3       1

shaan Sunday, 27 December 2020 06:09 AM

පොහොට්ටුවේ ගොන් තඩියෙක් වෙන්න ඇති... ඒ නිසා අපේ සර් බේර ගන්නවා... අවුලක් නැහැ !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 757 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1176 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site