IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගාල්ල මහනගර සභාවට වසරකට ලක්ෂ 40ක පාඩුවක්

(ජේ. කේ. එල්. චාමින්ද)
 
ගාල්ල නගර සභා ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු වසරකට වැඩි කාලයක් තිස්සේ අවසන් නොකර ඇති බැවින්, ගොඩනැගිල්ල භාවිත නොකිරීමෙන් මහ නගර සභාවට වසරකට රුපියල් ලක්ෂ 40ක පමණ ආදායමක් අහිමි වන බව ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆවුසල් නියාස් මහතා පැවසීය.
 
මෙම ව්‍යාපෘතිය  සඳහා රුපියල් කෝටි හතක පමණ මුදලක් වැයවන බවට  ගණන් බලා  නගර ශාලා ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භකර ඇත්තේ පළාත් පාලන  ආයතනවල  මහජන නියෝජතයින් නොමැතිව  නාගරික කොමසාරිස්වරයාගේ පාලනය යටතේ තිබූ වකවානුවේදීය. මේ වනවිටත් ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇති අතර, නගර සභා ගොඩනැගිල්ල වසා දැමීම හේතුවෙන් ලක්ෂ ගණනක පාඩුවක් සිදුවෙමින් පවතී.
 
 නියෝජ්‍ය නගරාධිපතිවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේද කීවේය.
 
“නිලධාරීන්ගේ පාලනය පැවති කාලයේ ගාල්ල නගරශාලා ගොඩනැගිල්ලේ සිවිලිමේ කොටසක් කැඩුණා කියලා මුළු ගොඩනැගිල්ලම අලුත්වැඩියා කරන්න කෝටි 7ක ඇස්තමේන්තුවක් සකස් කරලා තියෙනවා. මුල් ඇස්තමේන්තුවේ වහලය හා සිවිලිම ගැන සඳහන් වෙලා නැහැ. ගොඩනැගිල්ලේ  කපරාරුව කඩලා අලුත්වැඩියා කටයුතු ආරම්භ කළා. කොන්ත්‍රාත් සමාගමට වැඩකරපු ප්‍රමාණයටත් වඩා මුදල් ගෙවලා තියෙනවා.
 
ඒ විතරක් නෙවෙයි ගිණුම් අංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල අබලන් කියලා වෙනත් ස්ථානයක කුලීපදනම මත එය පවත්වාගෙන යනවා. ඒ සඳහා රුපියල් 60,000ක මුදලක් බදු වශයෙන් ගෙවනවා. මේ නිසා පරිපාලන ගැටළු ඇතිවෙලා තියෙනවා. දැනට පුරහල් ගොඩනැගිල්ල දෙපාර්තමේන්තු ක්‍රමය අනුව සංවර්ධනය කරන්න අපි තීන්දු කරලා තියෙනවා. අංශ භාග කරපු පුරහල් ගොඩනැගිල්ලක් තමයි අපිට භාරදුන්නේ.  මෙහි අලුත්වැඩියා කටයුතු සඳහා මෙවර අයවැයෙන් ද ලක්ෂ 100ක මුදලක් වෙන්කරලා තියෙනවා”  යැයිද නියෝජ්‍ය නගරාධිපතිවරයා සඳහන් කළේය.
 
හිටපු නගරාධිපතිවරයකු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් නාගරික මන්ත්‍රී  කැළුම් සෙනෙවිරත්න  මහතා මෙසේ කීවේය.
 
“මහ නගර සභාවේ නිල කාලය  අවසන්වනවිට  රුපියල් ලක්ෂ 700ක ස්ථාවර තැන්පතුවක්  දමලා තිබුණා. ඒ කාලයේ මමයි නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ. මම යනවිට එවකට හිටපු නාගරික කොමසාරිස්වරයාට  කිව්වා  මේ ගොඩනැගිලි සංකීර්ණය අලුත්වැඩියා කටයුතු කරන්න, නැතිනම් මේ ගොඩනැගිලි සංකීර්ණය කඩාගෙන වැටේවි කියලා. නිලධාරීන්ගේ පාලන කලායේදී අලුත්වැඩියා සඳහා කඩපු ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු අවසන්  කිරීමට  තවමත් නොහැකිවෙලා. දැන් මහජන නියෝජිතයින් පත්වෙලා වසර දෙකකට ආසන්න කාලයක් ගතවෙලා. තව වැසිවාර දෙකක් ගියහොත් කොටුවේ තැපල් කාර්යාලයට වූ දේ තමයි මේ ගොඩනැගිල්ලටත් වෙන්නේ” යැයිද කීය.
 
ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගෙන් මේ සම්බන්ධව අප කළ විමසුමකදී මෙසේ කීවේය.
 
“රමේෂ් පතිරණ හා මොහාන් පී. ද සිල්වා යන ඇමතිවරුන්  පුරහල් ගොඩනැගිල්ලේ කටයුතු ගැන සොයා බැලුවා.  සාමාන්‍ය ඇස්තමේන්තුවක් සකස් කරන්න කියලත් කීවා. හමුදාව සමඟ කතාකරලා  අලුත්වැඩියා කටයුතු කරන්න පුළුවන් ද කියා බලන බවත් රමේෂ් පතිරණ ඇමතිවරයා කීවා. වහලයේ අලුත්වැඩියා කටයුතු නගර සභාව මගින් කරගෙන යනවා. ඇත්තටම නගරසභාවේ නැති මුදලකට තමයි මේ ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු කරන්න නිලධාරින්  ඇස්තමෙන්තු  සකස්කරලා තියෙන්නේ.  කොහොම හරි අදාල කොන්ත්‍රාත් සමාගමට රුපියල් එක්කොටි විසිලක්ෂයක මුදලක් අත්තිකාරම් වශයෙන් ලබාදීලා තියෙනවා. නමුත් ලක්ෂ 20කවත් වැඩකරලා තිබුණේ නැහැ. ගිවිසුම අනුව මාර්තු මාසයේ වැඩ අවසන් කරන්න තිබුණත් වැඩ අවසන් වෙලා තිබුණේ නැහැ. නගර සභාවේ පාලනය ආරම්භවෙලා මාස පහක් යනකම් අපි මේ ගැන විමසිල්ලෙන් හිටියා. නමුත් අලුත්වැඩියා කටයුතු සිදුවුණේ  ඉතා මන්දගාමීවයි ” බවද නගරාධිපතිවරයා කීවේය.



අදහස් (3)

ගාල්ල මහනගර සභාවට වසරකට ලක්ෂ 40ක පාඩුවක්

Kumar (gulf) Tuesday, 17 December 2019 09:16 AM

තට්ටු මාරු ක්‍රමයට ගාල්ල කාදමන හොර ගුහාවක් මේක,

:       0       0

Mahee Tuesday, 17 December 2019 11:41 AM

මට දැනුයි තේරෙන්නේ අපි ජාත්‍යන්තර වොලිබෝල් තරඟවලින් පාපන්දු තරඟවලින් පරදින්නේ ඇයි කියලා. අපේ ක්‍රීඩකයන්ට හරියට බෝලෙ පාස්කරන්න තේරෙන්නේ නෑ. මෙන්න මේ කට්ටිය යැව්වා නම් අපි හැමදාම දිනුම් නොවැ.

:       0       0

මුණසිංහ Tuesday, 17 December 2019 12:07 PM

ඒක නෙවෙයි ප්‍රශ්නේ............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31262 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13446 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 90 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site