(ඩී.ජී.සුගතපාල)

පසුගිය ජනාධිපතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ සහ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථාන සඳහා සපයන ලද විදුලිය වෙනුවෙන් අයවිය යුතු රුපියල් 9, 700,000ක විදුලි බිලෙන් මේ වනවිට දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලය ගෙවාඇත්තේ, රුපියල් 700,000ක් පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

එම  මධ්‍යස්ථාන සඳහා සපයන ලද තාවකාලික  විදුලිය වෙනුවෙන් මෙම මුදල අයවිය යුතු බව ලංකා විදුලි බල මණ්ඩලයේ දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එස්.එස්.කහඳ මහතා පැවසීය. 

සිහි කැඳවිම් කිහිපයක් යවා ඇතත් ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් මෙතෙක් එම මුදල ලැබී නැති බවද ඒ මහතා කීය. ජනාධිපතිවරණ සමයේදී සති දෙකක පමණ කාලයක සිට අමතර කම්කරුවන් සහ නිලධාරින්  යොදවා විදුලි රැහැන් ඇද  විදුලි බුබුළු සවිකළ බවත්, විශාල ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර ගෙනෙන ලද බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් මහතාගෙන් විමසූවිට කියාසිටියේ රුපියල් 9,000,000ක්ව පවතින හිඟමුදලද රජයෙන් ලැබුණු පසු ගෙවන බවයි.