IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගෝලීය සමාජ නායක සමුළුවට 11 ක් එංගලන්තයට යති

(මනෝජ් හර්ෂික)

එංගලන්තයේ වෙලින්ටන් දී පැවැත්වෙන ගෝලීය සමාජ නායක සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසු සිසුවියන් 11 දෙනෙකු සහභාගි වීමට සුදුසුකම් ලබා ඇත.

ඒ අනුව කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මෙත්ලිනි පෙරියප්පෙරුම, අරින්දි ජයසිංහ , නෙහාරා රණසිංහ , සෙනුකා සෝමරත්න , යන සිසුවියන් සහ අනුරාධපුර ලයිසියම් පාසලේ ඉදුමිණ අවිනාශ් , ස්නේහා වික්‍රමසිංහ , රිසින්දි හේරත්, ආද්‍යා මනිමාරන්, ඇඩම් කේෂර , ජීත්වර ජයතිලක සහ තෙවන්මා විජයසිරි යන ශිෂ්‍ය කණ්ඩායම මෙම සමුළුව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබේ.

වඩාත් යහපත් ලෝකයක් ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් සමාජ වෙනසක් කිරීමට බලාපොරොත්තු වන ලෝක තරුණ ප්‍රජාවගේ සහභාගිත්වයෙන් අගෝස්තු 4 සිට 16 වෙනිදා දක්වා මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

සංවර්ධනයේ ඉලක්ක කරා ගමන් කරන බහු ආගමික හා බහු වාර්ගික රටක අනාගතය භාර ගන්නා පුරවැසියන් ලෙස තම මව්බිමට වගකීම ඉටුකිරීමේ ක්‍රියාපිළිවෙත කෙසේ විය යුතු පිළිබඳව ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම මෙම සමුළුවේදි සාකච්ඡා කිරීමට නියමිතය.එයට අමතරව ගෝලීය සමාජය තුළ තරුණ ක්‍රියාකාරිකයින් තම සමාජ වගකීම පිළිබඳ ලබා ඇති අත්දැකීම් තුළින් ශ්‍රී ලාංකේය සමාජයට උකහාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව අධ්‍යනය කිරීමට ද මෙම සමුළුව තුළින් අවස්ථාව සැලසේ.

එසේම පාස්කු ප්‍රහාරයෙන් බිද වැටුණු සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම ශ්‍රී ලංකාව දෙස ලෝක තරුණ ප්‍රජාවගේ අවධානය යොමු කර ගැනීම සදහා දේශීය සංස්කෘතික විශේෂාංග හා ශ්‍රී ලාංකේය ජන සම්ප්‍රදායන් පිළිබඳ විශේෂ වැඩසටහන් හුවමාරු කර ගැනීමට ද මෙරට නියෝජිත කණ්ඩායමට මෙමඟින් හැකිවේ.

මෙම ලෝක සමුළුවට සහභාගි වන ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ  අනුරාධපුර  ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරන අතර මෙම සමුළුව සදහා සහභාගි වන පළමු කණ්ඩායම බවට ද ඔවුන් පත්ව තිබේ.

 

   

 



අදහස් (4)

ගෝලීය සමාජ නායක සමුළුවට 11 ක් එංගලන්තයට යති

vernon Tuesday, 30 July 2019 01:40 PM

ඇයි මේ එක්තරා පුද්ගලික පාසැලක අය විතරක් මේකට යන්නේ?

:       131       105

කුමාර Wednesday, 31 July 2019 03:59 AM

නැත්නම් එංගලන්තේ ගිහිල්ල සිංහලෙන් කතා කරන්නද? පටන්ගත්ත තැනම කුහකකම

:       0       12

AmaraWednesday, 31 July 2019 04:55 AM

රජයේ පාසල්වල ප්‍රධානීන් බුදි. අනික ආණ්ඩුවේ ලොක්කොනේ රට යන්නේ...

:       0       0

chandima Tuesday, 30 July 2019 02:30 PM

එක හොඳ අවස්ථාවක් දරුවනේ. සුබ ගමන්.

:       5       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 92 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site