(රංජන් කස්තුරි)
ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිදවැටෙන බවද ඔහු කීවේය.
මේ අතර ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි ලංවිම ප්‍රකාශකයෙක් කීය.
දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි ඔහු සදහන් කළේය.
COMMENTS
අවදානම් ගන්න එපා. කපලා දාන්න. ගෑස්, පිටි, පෝලිම්වලට මේකත් එකතු වුණාම තමයි සැප වැඩි...
එක පැත්තකින් ඩොලර් නෑ කියනවා. තවත් පැත්තකින් කබ්රාල් ඩොලර් බිලියන 3.1 ක් තියෙනවා කිව්වා. එහෙම නම් ඔක්කොම ටික පැන්ඩෝරා යවලාද?
මොනවා හිඟවුණත් කමක් නැහැ බාර් ඇරලා නම්...
පැන්ඩෝරා වල නම තිබුන අය ළඟ ඩොලර් ඇති.
තව මදි ... 69ට ජයවේවා..!!!
පොඩ්ඩක් ඉවසන්නකෝ...! කොරෝනා නැත්නම් ඉදිරි අවුරුදු තුනේදී සර් හොඳටම කරාවි. එහෙම කියලා කියලත් දැන් සතියක් ගියා...
නිකමට අහන්නේ හොඳේ?අර පැන්ඩෝරා පත්‍රිකා විමර්ශනය කරන්න කමිටුවක් පත් කලානේ ලොක්කා ලොකු පම්පෝරි ගහලා.ඒ කමිටුවේ වාර්තාව කෝ ?
විදුලිය අර්බුදය , සෑම වසරකදීම විවිද රජයන්ගේ අදූරදර්ශී පාලනයන්ගේ ප්‍රතිපලයක් ලෙස දකිමි .සෑම ක්ශේස්ත්‍රයකටම නව නිර්මාණ බිහිවනවාක් මෙන්ම , විදුලියටද එය පොදුය. අප දිවයින තුල විදුලියට ඒකාදිකාරය හොබවන ල0විම , ඊට නිපුනතාවය දක්වන ඉන්ජිනේරුවන් , වරලත් ඉන්ජි,න් , විශේශන්ජ උපදේශකයින් , විදෙස් පුහුනුව ලත් අයගෙන් සමත් වුවද , විදුලිය සම්බන්ද තාක්ශන සදහා වන නව නිර්මාණ කරුවන් නොසලකා හැර ඇති බවට නිදසුන 13913 පේටන්ට් හිමි කරුව, ලංවිම පමණක් නොව මහජන උපයෝගීතා කොමිශන් සබාව විසින්ද නොසලකා හැර තිබීම මතම , මේ වනවිට ගරු ජනාදිපතිතුමන් විසින් විදුලිබල අමාත්‍යාන්ශය වෙත යොමුකර ඇති එතුමන්ගේ අ0ක PS/PR/33/16/04 --2021-10-15 ලිපියද තහවුරු කරනු ඇත. 2009 සිට 20021 දක්වා , එක් එක් වසරක් තුල ල0විම ලබා ඇති අලාබයන් කොපමනක්ද යන්න එයින් විමසාද ඇත. 2019 දී අලාභය රුපියල් කෝටි 9000 ක් බවත්, 2020 දී එය රුපියල් කෝටි 4500 ක් බවත් , මාද්‍ය මගින් දුටිමි.
මෙච්චර ඩොලර් හිඟයක් තිබෙද්දී නේද කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තයේ අනාගත වැඩ වලට චීනෙට ඩොලර් මිලියන 50ක් ගෙවල තියෙන්නේ දෙසැම්බර් මාසේ
ඉතාම හොඳ තීරණයක්