IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා කැබිනට් මණ්ඩලයට අද

(අජන්ත කුමාර අගලකඩ)

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් සංදේශය අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් සංදේශයක් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් ඉකුත් සතියේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ අතර, එය සාකච්ඡා කිරීම සඳහා සතියක් කල් ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇත .

ඒ අනුව අදාළ කැබිනට් සංදේශය අද කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡාවට ගැනෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කළේය .

මෙම කැබිනට් සංදේශය සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ගුරු සංගම් සමඟ ඉකුත් සතියේ පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර තිබිණි

විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු සංගම් ඔන්ලයින් වර්ජනයක් ආරම්භ කර ඇති අතර ,සිය ඉල්ලීම් ලබාදෙන තෙක් වර්ජනය දිගටම කරගෙන යන බවඑම සංගම් ප්‍රකාශ කර ඇත

 



අදහස් (16)

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා කැබිනට් මණ්ඩලයට අද

පප්ප Monday, 02 August 2021 10:08 AM

කොල්ලො, කැබිනට් එකට තියා අල්මාරියට දැම්මයි කිව්වත් අරුන් ගණන් ගන්නේ නෑ. ඒ අය දැන් දන්නවා ඔහේලගේ දහන් ගැට... පල් වෙන්නේ නැතිව ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම දෙන එක නේද යුතුකම...?

:       78       678

Perera Monday, 02 August 2021 01:18 PM

සල්ලි අච්චු ගහලා ඔන්න ඕක දීලා දාන්න.

:       0       62

මුණසිංහ Monday, 02 August 2021 02:34 PM

මම හිතන විදියට හිඟ වැටුප් ඉල්ලන්නේ නැහැ.

:       2       23

SL Monday, 02 August 2021 02:26 PM

ගුරුවරුන්ගේ පඩිය වැඩි විය යුතුයි... ඒ වගේම ඉගැන්වීමේ ගුණාත්මක බව වැඩි විය යුතුයි. එහෙම තියෙනවා නම් මේ තරම්. පුද්ගලික උපකාරක පන්ති තියෙන්න බැහැ..

:       1       155

මුණසිංහ Monday, 02 August 2021 03:36 PM

ගුරු පඩි වැඩි වුණාට ඉගැන්වීම් ගුණාත්මක බව වැඩි වෙන්නේ නැහැ. ඒකට ඉතා හොඳ ගුරු පුහුණු වැඩ පිිළිවෙලක් තියෙන්න ඕනෑ. ගුරුවරුන් බඳවා ගැනීමට ස්ථිරසාර ක්‍රමයක් තියෙන්න ඕනෑ. උපාධිය සහ නිසි පුහුණුව නැති කිසිවකු ගන්න හොඳ නැහැ.

:       1       46

සංහිදMonday, 02 August 2021 09:03 PM

ඔබගේ උගත් බුද්ධිමත් භාවය පිළිබඳ සෑහෙන්න සතුටු වෙමි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 02 August 2021 04:07 PM

ගුරුවරුන්ට කාලකන්නි කියලා අපහාස නොකොට, ඉස්කෝලේ ගිය අය විදිහට, ඡන්ද කාලේ දුන් පොරොන්දු ඉටු කරන්න.

:       610       716

රමණීTuesday, 03 August 2021 03:08 AM

ගුරුවරුන්ට අපහාස කරන එක වැරදියි. ඒ වගේම ගුරු සංගම් සහ ගුරුවරුන් එහෙමත් හිතන්න ඕන ගන්නා වැටුපට සේවයක් කරන්න. බොහෝ විට උසස් පෙළ පන්තිවල ගුරුවරුන්ගේ ඉගැන්වීම් බොහොම අඩුයි. ළමයින්ට ටියුෂන් යන්න කියලා ඉස්කෝල එන්න අවශ්‍ය නෑ කියන ගුරුවරුන් පවා ඉන්නවා. උදාහරණයක් ලෙස 2018 ,2019 කාලයේ කළුතර ප්‍රසිද්ධම කාන්තා පාසලක ඔය දෙය වුණා. හැබැයි ඒ සමහර ගුරුවරු හවස ටියුෂන් පන්ති කරනවා. දැනුත් පාසල් මගින් කරනා ඔන්ලයින් අධ්‍යාපනය නොකරන ගුරුවරු ඉන්නවා සල්ලි අරන් පුද්ගලික ඔන්ලයින් ටියුෂන් දෙන. ස්ටාලින් මහතා ඇතුළු ගුරු සංගම් මේ ගැනත් හිතන්න. ඔබලගේ ඉල්ලීම් දිනාගත්තාය කියලා වැඩක් නැහැ ඔබලාගේ සංගම් වල සාමාජියන් හරියට වැඩ කරන්නේ නැත්නම්.

:       0       0

නුවන් Monday, 02 August 2021 04:13 PM

උගැන්වීම ගුරුවරයාට අයිති යුතුකමකි. වැටුපක් ලබා උගන්වන්නේ නැත්නම් එය පාපයකි. තවද උගන්වන්නේ වැටුපක් ලබා නොගෙන නම්, එය පිනකි. වර්ජනය මෙහෙයවන අය කරන්නේ කාලකණ්නි වැඩකි.

:       390       712

විජිත් Monday, 02 August 2021 04:13 PM

පීරිෂ් ලොක්කා, මේ සැරේ ඔයගොල්ලෝ හැප්පෙන්නේ මුළු ලෝකයම ගරුකරන උතුම් මිනිස් කැලක් සමගයි. ලෝකයේම දරුවන්ගේ නැණස පාදන උතුම් ගුරුවරුන් සමගයි. අනිවාර්යයෙන්ම මේ සටන එතුමන්ලා දිනාගන්නවා. ඊට අකුල් හෙලන්න හෙලන්න ඔබ ඇතුළු පොහොට්ටුවන්ගේ ආණ්ඩුවත්, කිසිවක් බැරි, හිනාවෙන, ඇවිදින මළමිනියක් වැනි ජනාධිපතිත් අපකීර්තියට පත්වී... ආණ්ඩුවත් පෙරැලී... පණ බේරාගෙන දුවන්න වෙන දවස 2021 අවසාන වෙන්න කලින් සිදුවේවි...

:       2469       2054

senaMonday, 02 August 2021 06:31 PM

විජිත, රජයට හැකියාවක් (මුදල්) තිබේ නම් මෙම ගුරුවරුන්ගේ වැටුප වැඩිකිරීම ප්‍රශ්නයක් නොවේ. මුදල් තිබ්බේ නම් රජය වැටුප වැඩිකිරීමට අවකාශ තිබිණි. මෙම රජය පරදා වෙනත් රජයක් බලයට පැමිණියද පඩි ගෙවීමට මුදල් සොයාගැනීම ප්‍රශ්නයක් වනු ඇත. දේශපාලකයින්ගේ තනතුරු තණ්හාව, බලයට කෑදරකම, වෛරය, කුහකකම නිසා මේ වනවිට සමස්ත රටම සියල්ල ඇනගෙන ඇතිබවක් පෙනේ... ප්‍රශ්නයට පිළියමක් නොසොයා ආණ්ඩු මාරු කිරීම විසඳුම නොවේ. මෙම ගුරුවරුන්ගේ වැටුප වැඩිකිරීමේ ප්‍රශ්නය 1994දී චන්ද්‍රිකා රජයේදී සිදුවූවකි. වර්තමාන අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සිටියේත් එම රජයේය. 1994රේ සිට ආණ්ඩු කීයක් වෙනස් වූයේද? ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට මෙතෙක් නොහැකිවූයේ මන්ද...?

:       0       2

රමණීTuesday, 03 August 2021 03:16 AM

විජිත්, ඔය කියන දේ හරි දැන් ඉන්නේ ජේ අර් ජයවර්ධන ආණ්ඩුව නොවෙන නිසාත් මේ ඉන්නේ 1980 ජූලි මාසයේදී නොවෙන නිසාත්. මොකද එහෙම වුණානම් ඒ ආණ්ඩුව සියලු වර්ජකයන් ගෙදරම තියලා. නිකං බොරුවට ලොකු කතා නොදා දරුවන්ගෙන් පලයි ගැනීම නවත්වන ලෙස ගුරු වෘත්තිය සමිති නායකයින්ගෙන් ඉල්ලන්න. ලෝකයේ අනික් ගුරුවරුන්ට වඩා අපේ සමහර ගුරුවරු වෙනස්වෙන්නේ පාසලේදී උගවනවට වඩා එළියේ ටියුෂන් දීමට මුල් තැන දෙන නිසයි.

:       0       0

Bamunuarachchi Monday, 02 August 2021 05:07 PM

ගුරුවැටුප් බර අපේ බදුවලට දමන්න එපා. ඒකයි අපි කියන්නේ නොමිලේ අධ්‍යාපනය එපා කියලා...

:       453       685

චන්දන Monday, 02 August 2021 06:07 PM

සියලු රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම නතර කරන්න කියලා සෞඛ්‍ය වර්ජනයට යන්න හදනවාලු... දැන් බලමු අධ්‍යාපනයද දිනන්නේ... සෞඛ්‍යයද කියලා....

:       0       16

විජිත Monday, 02 August 2021 08:25 PM

අහිංසක, අංගුලිමාල කළේ උගත් (ශිල්ප ශාස්ත්‍ර දත්) ගුරු හොරෙකි. අංගුලිමාල මහරහතන් වහන්සේ නමක් කලේ බුද්ධිමත් ගුරු උතුමෙකි...

:       0       5

හර්ෂ Monday, 02 August 2021 08:28 PM

මෙතන කමෙන්ට් දාපු ගොඩක් මහත්වරුන්ට තියෙන ප්‍රශ්නේ ගුරුවරයාගෙන් අවුරුදු 24 ක් හොරා කාපු, උදුරා ගත්තු වැටුප දෙන එක.... හැබැයි බදුමුදල් වංචා වලදී, සීනි වලින් ගහපු ගැහිල්ලේදී, ගෑස් වලින් ඇරපු අරිල්ලේදී, කෝටි ගණන් වාහන ගෙන්නලා, නිල නිවාස අලුත් වැඩියාවට ලක්ෂ 200-300 (දුප්පතුන්ට නිවාස 30-40ක් තැනිය හැකියි), මහබැංකුවට වැඩේ දීලා කට්ටියම කඩේ වහලා ඉන්න කොට, වියදම් කරනකොට බිහිරි වූ කණින් ද පොට්ට වූ දෑසින් ද ඔබ සිටියා නේද?

:       0       95

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 525 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 114 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site