
(සමන් පාලිත නානායක්කාර)
හැත්තෑ හත් හැවිරිදි පියාට පහර දී වධ හිංසාවට ලක් කළ බව කියන පුතා සහ ලේලිය අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
හල්දුම්මුල්ල ඌවතැන්න පදිංචි පුතකු සහ ලේලියක මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ලේලිය ගුරුවරියක බවත් බත් පතේ සම්බෝලයට කෙළ ගසා කන්න දුන් බවත් පුතා සමග පහරදී නිවසින් එළවා දැමූ බවත් පවසමින් ඉකුත් දින හල්දුම්මුල්ල පොලීසියට පැමිණි හැත්තෑ හත් හැවිරිදි පියා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
මෙසේ අසරණ වී පොලීසියට පැමිණ ඇත්තේ හල්දුම්මුල්ල ඌව තැන්න පදිංචි ඩී ප්‍රේමදාස සිල්වා නමැති පියෙකි.
ලේලිය පහරදී තම අත සපා කෑ බවද කාලයක් තිස්සේ නිවෙසේදී තමන් මෙසේ වධ හිංසාවලට ලක් වූ බව ද ඔහු පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
කිලෝමිටර් 5ක් පමණ පා ගමනින් ම පොලීසියට පැමිණ හාමතේ සිටි පියාට පොලීසිය අහාර ලබා දී සාත්තු සප්පායම් කර හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුලත් කර තිබේ.
අත්අඩංගුවට ගත් පුතා සහ ලේලිය බණඩාරවෙල මහේස්ත්‍ර්ත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘‘ගුරු ලේලිය, මාමණ්ඩියට කෙළ මුසු කළ සම්බල් කන්න දීලා‘‘