(ඩයනා උදයංගනී)
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (26) පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
ඒ තුළින් ගුරුවරුන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ලබාදීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගත කරුණු කැබිනට් සාකච්ඡාවෙන් පසු අනාවරණය කරන බව ද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති සමඟ හෙට (27) උදෑසන සාකච්ඡාවක් පවත්වන බව ද ඇමතිවරයා කීවේය.
ප්‍රශ්නය විසඳීමට උපරිම කැපවීමක් ඇති නිසා සිසු දරුවන් පීඩනයකට ලක් නොකර මාර්ගගත අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙනයන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද ඇමතිවරයා පැවසීය.
ගුරුවරුන්ට කොවිඩ් මර්දන එන්නත් දෙවන මාත්‍රාව ද අගෝස්තු අවසානයට පෙර ලබා දී සැප්තැම්බර් මුල් සතියේ යම් සැලැස්මක් අනුව සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා එයට ද පූර්ණ සහයෝගය දෙන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.
මේ වන විට රටේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සියයට 77 කට එන්නත් පළමු මාත්‍රාව දී අවසන් බව ද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (26) පැවති මාධ්‍ය හමුවේදීය.
2025 දෙසැම්බර් මස 18
651
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරු ගැටලුවට විසඳුම අද කැබිනට් මණ්ඩලයට
ජානක Monday, 26 July 2021 06:53 PM
ආයෙත් පිනට කරන්න කියලනෙ කියන්නෙ ඔය?