(රංජන් කස්තුරි)
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කළ යුත්තේ වසර කිහිපයක් තුළ පියවරෙන් පියවරට යැයිද ඇතැම් ගුරුසංගම් මස් රාත්තලම ඉල්ලන බවද ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවසුවාය.
දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ගුරුවරුන්ගේ වගකීමක් බැවින් ඔන්ලයින් වර්ජනය අතහැර වෙනත් ක්‍රියාමාර්ග මගින් වැටුප් දිනා ගත යුතු බවද වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවැසුවාය.
අධ්‍යාපන ඇමතිවරයා ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන පත්‍රිකාවෙන් ගුරුවැටුප් විෂමතාවයට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද හඳපාන මහත්මිය පැවසුවාය.
ඇතැම් ගුරු සංගම් නායකයන්ට ඇත්තේ දේශපාලන අරමුණු වන අතර තවත් පිරිසක් ආණ්ඩු විරෝධී අරමුණක සිටින බවද සභාපතිවරිය පැවසුවාය.
COMMENTS
ජෝෂප් ස්ටාලින්ටයි, මහින්ද ජයසිංහටයි යට නොවුණු ගුරුවරුත් ඉන්නවා එහෙනම්...
බැසිල් කොච්චරක් ගෙව්වද?
ශ්‍රී ලංකා "පොදුජන" අධ්‍යාපන සේවා සංගමයේ, නම කිව්වොත් ඔක්කොම දන්නවා.
ආණ්ඩුවට කඩේ යන්නේ නැතුව යුක්තිය වෙනුවෙන් සටන් කරන්න
ඉල්ලීම් වලට සුදුසු අවස්ථාවක් නොවෙයි .අවුරුදු එක හමාරක් වැඩ නොකර පඩි ,ලෝකේ හුඟක් රටවල 75% ගෙවන්නේ
මූන දැක්කම නම් මරියකඩේ මාකට් එකේ කෙනෙක් මතක් වෙන්නේ. මොනව උගන්වන කෙනෙක්ද හැබෑවටම. වියත්මගේ කෙනෙක්ද?
ග්‍රෑම් 250 පමණයි ඉල්ලන්නේ .රාත්තල් වලින් හරියට හදාගන්න ගුරුවරයෙක් ගෙන්ම උපදෙස් උන්නැහේට දෙන්නේ වෙන්නේ
බොහොමයක් ගුරුවරු මස් කන්නෙත් නෑ .කන්නේ දෙමාපියන්ගේ මාළු .මෙයා බයිලා කියනවා
පෞද්ගලික අංශය කොරෝනා පටන්ගෙන සති කිහිපයක් තුළ තම ව්‍යාපාර වලට සිදුවිය හැකි පාඩුව පුරෝකථනය කරමින් වැටුප් කප්පාදුවක් සිදුවිය. පෞද්ගලික අංශයේ සමහර ආයතන සේවක කප්පාදුව නිසා සමහරුන්ට රැකියා අහිමිවිය. එදිනෙදා අදායම හම්බකරගත් අයට කිසිදු අදායමක් නැතිවිය. රජයේ වැටුප් කිසිඳු කප්පාදුවක් නැතිව ලබන ඔබ වාසනාවන්ත නොවේද? සිතන්න, මෙවන් අසීරු අවස්ථාවක ලබන වැටුප ගැන සතුටු වී තම සේවය රට වෙනුවෙන් නොමසුරුව ඉටුකරන්න.
තමුන් හොඳට පඩි, නඩි, දීමනා, යාන, වාහන අරගෙන එහෙම නොලබන අයට ඒවා ඉල්ලන්න එපා කීම කෲර සිතුවිල්ලක්...
යහපාලන සමයේ මොවුන්ව වර්ජනවලට ගෙනියන්න වුනේ බල්ලන් නාවන්න ඇදන් යනවා වගෙයි. දැන් බලන්න එපායෑ... රෙදි උස්සගෙන ඉස්සරහටම දුවනවා. රට නැගිටනවා බලන් ඉන්න බැරි අමනයින් ටික මෙතන ඉන්න බව පේනවා... මහජනතාවට...
ගුරුවරුන්ට මේ වැටුප් විෂමතාවය ඇතිකළේ 1997දී. ඒ කියන්නේ එදා ඉඳන් රජය ගුරු වැටුප සූරන් කනවා. එහෙම නැත්නම් රජය අවුරු 24ක් (මාස 288 ක් ) ගුරු වැටුපෙන් සැලකිය යුතු කොටසක් හොරා කනවා. වැටුප් විෂමතාව ඉවත් කරන්න මිලියන 3500ක් වෙන් කළා කියලා මහින්ද අය වැයකදී බෙරිහන් දුන්නා. තඹ සතයක් එක ගුරුවරයෙකුට ලැබුනේ නෑ. රෙදි නැතිව රජයට කඩේ යනවා...
ගුරු සංගම් වල ඉල්ලීම් බැරි වෙලා හරි දිනා ගත්තොත් හඳපාන්ගොඩ නෝනා ඒ වරප්‍රසාද එපා කියනවද?
දැං තමා මතක් වෙලා තියෙන්නේ . කෙහොම නමුත් දැං හරි විසඳුමක් දිය යුතු ප්‍රශ්නය ක්. පහුගිය කාලෙ මේ ආණ්ඩුවේ අයත් මේක දෙනව කියල කිව්වේ .