(රංජන් කස්තරි)
අධ්‍යාපන ලේකම්වරයාගේ දැනුම්දීම පිළි නොගන්නා අතර ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හෙට පාසල්වලට නොයන බව ගුරු හා විදුහල්පති සංගම් අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වැටුප් විෂමතා ගැටළුවලට විසඳුම් ලබා නොදී සේවයට කැඳවීම පිළිනොගන්නා බව ද ගුරු හා විදුහල්පති සංගම් නායකයන් අධ්‍යාපන ලේකම්වරයා ලිපියක් යවමින් සඳහන් කර ඇත.
ඒ අනුව ගුරුවරුන් හෝ අනධ්‍යයන සේවකයින් හෝ සේවයට වාර්තා කරන බව ද එම ලිපියේ සඳහන් වේ.
COMMENTS
නොපැමිණෙන සියලු දෙනා පඩි රහිත නිවාඩු සේ සලකනු ඇතැයි විස්වාස කරමු. අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය යනු ලාබ ලබන ආයතන නොව මහ ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු වන ජනතා සේවයකි
රට තුල කොවිඩ් පැතිර යන අවස්ථාවක ගුරුවරුන් ගේ ඉල්ලීම් මුලික කොට උද්ඝෝෂණ පැවැත්වීම සහ එම උද්ඝෝෂණ සදහා නායකත්වය ලබා දෙන්නාවූ පුද්ගලයන් මෙවැනි පහත මට්ටමේ ක්‍රියාවන්ගෙන් වැලකි සිටිය යුතුවේ. ඉල්ලීම් ඉල්ලා උද්ඝෝෂණ කල යුතු උවත් වෛරසයක් පැතිර යන්නාවූ අවස්ථාවක මෙවන් ක්‍රියාවන් කිරීම නිසා කොවිඩ් වෛරසය සීග්‍රයෙන් පැතිර යාම ඉදිරියේදී සිදුවනු ඇත. මෙම යූනියන් මාෆියාව විසින් කරන්නා වූ අනවශ්‍ය උත්ඝෝෂණ නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ කොවිඩ් වෛරසය නීති සියල්ලක්ම බිඳ දමමින් කරන්නාවූ මෙවැනි උත්ඝෝෂණ පැවැත්වීමට අධිකරණය මගින් තහනම් කල යුතුවේ. සියලු ගුරුවරු සහ විදුහල්පතිවරුන් සේවයට පැමිණීම අනිවාර්ය කලයුතු වේ. එසේ පැය 48ක කාලසීමාවක් ලබාදී නොපැමිණෙන පුදගලයන් සේවයෙන් ඉවත්ව ගියා සේ සැලකිය යුතුවේ. ස්ටර්ලින්ට සහ එම මාෆියා කණඩායම් අනුව රටවල් පාලනය කල නොහැකි බව ඔවුන්ට නීතිය මගින් අවබෝධ කල යුතුව ඇත.
රක්ෂාවක් නැතිකමට ගුරු වෘත්තිය තෝරගත්ත කට්ටිය මෙහෙම තමයි හැසිරෙන්නේ. කවදාහරි දවසක ගුරුවරු කියන දේවල් දරුවෝ ඇහැව්වේ නැතිනම් රටට දෙවියන්ගේම පිහිටයි.
1985 ජූලි වර්ජකයින්ට කරපු සැලකිල්ල කරන්න
ගුරුවරු ඉස්කෝලෙ යන්නේ ළමයිනුත් එනවද. නැත්නම් ඩෙස් පුටු වලට උගන්නන්න ද. මේ වගේ මෝඩ ලියුම් ගහන්නේ කවුද . අප්‍රෙල් 28 නිවාඩු දුන්නට පස්සේ ගුරුවරු ගෙදර නේද. අපි දන්නා විදියට නම් පාසල් නිවාඩු නිසා ගුරුවරු යන්න ඕන නැහැ .
මංගල සමරවීර කියලා තිබුණා වගේ වැඩට එනකම් සාකච්ඡා නොකළ යුතුයි. මේ වගේ ව්‍යසනයක් මැද්දෙ වර්ජන කරන්නේ ගුරුවරු නම් වෙන්න බැහැ. වැඩට නොඑන අයට පඩි රහිත නිවාඩු නියම කළ යුතුයි.
රජයේ නියෝග පිළිගත්තේ නැතුවාට සිසු දරුවන්ගේ අනාගතය නමැති දේව නියෝගය පිළිගන්නවද? ඔන්ලයින් ටියුෂන් වලට වියදම් කරන්න සල්ලි නැති අම්මා කෙනෙක් සෙනසුරාදා කියලා ඇඬුවා 4 පන්තියේ ඉගෙන ගන්න දරුවාට මුකුත් ඉගෙනීමක් නැති හැටි...!
නොදන්නා කමට අහන්නේ. ඉරිදා දවස්වල රජයේ නිවාඩු නම් එදිනට රාජකාරි ලිපි නිකුත් කරන්න පුළුවන්ද? දන්නා කෙනෙක් නිවැරදි උත්තරයක් දෙන්න හැමෝගේම දැන ගැනීමට...
ඔක්කොම නුහුරට කරන්නේ........නොමග නොයන් පුතේ...නුබට රටක් ඇතේ.....
එතකොට ගුරුවරු කියන දේ ළමයි අහයිද? ඒකනේ ගෝලයෝ දුව දුව කරන්නේ.