(චන්ද්‍රසේන ගමගේ)
පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ නිවෙස් වලට ගොස් රජයේ ජීවනාධාර සහ රෝගාධාර ලබා දීමේ වගකීම රජය ග්‍රාම නිළධාරීන්ට පවර ඇති හෙයින් ඒ සදහා දායක වීම සදහා පහසුකම් සපයන්නැයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.ජී. කමල් කිත්සිරි මහතා රජයෙන් ඉල්ලීමක් කරති.
දිවයින පුරා ග්‍රාම නිළධාරී වරුන් 12,300ක් පමණ සේවය කරන බව පවසන කමල් කිත්සිරි මහතා වැඩි දුරටත් පවසන්නේ ජීවනාධාර හා රෝගාධාර ලබා දීම සදහා අදාළ අයගේ නිවෙස්වලට යාමට සිදුවීම මේ වෙලාවේ අනතුරු දායක බවයි.
එහෙත් රජයේ ප්‍රතිපත්ති වලට අවනත වෙමින් තමන් එම සේවය ඉටුකර දීමට කැමති වුවද රජය ග්‍රාම නිළධාරී වරුන් ගේ ආරක්ෂාව සදහා යම් යම් පියවර ගත යුතු බවද පවසයි.
අඩුම වශයෙන් ග්‍රාම නිළධාරී වරුන්ට අත් වැසුම් හා මුව ආවරණ ලබා දීමටවත් ආණ්ඩුව පියවර ගත යුතු බවද ඒ මහතා පවසයි.
COMMENTS
Reply To:
-
සාධාරණ ඉල්ලීමක්.....
හෙද හෙදියෝ දොස්තරලා , පොලිස් නිලධාරියෝ , හමුදා නිලධාරියෝ පසුගිය දවස්වල ආගමන විගමන නිලධාරියෝ විශාල අවධානමක් ගත්තා. දැනටත් ගන්නවා. යුද්ධ කාලේ හමුදා භටයෝ දිවි පරදුවට තබා සටනට ගියා. මේක ඔබලාගේ රාජකාරිය. හදිසි අවස්ථාවක රාජකාරිය ඉටු කරන්න බැරිනම් ඔබලාගෙන් ඇති ඵලය කුමක්ද? රාජකාරිය පැහැර හරින නිලධාරීන් වහාම රක්ෂාවෙන් නෙරපා නඩු පැවරිය යුතුය. අවශ්‍ය මුඛ ආවරණ වැනි දේවල් මොවුන්ට අනිවාර්යයෙන්ම රජයෙන් දෙන්න ඕනේ. නැතිනම් ලේන්සුවක් හරි බැඳගෙන වැඩට යන්න.
සිල්වා මහත්මයා මේක අපේ වැඩ පැහැරහැරීමක් නෙවෙයි. මේක තැපැල් නිලධාරීන් වැඩ පැහැරහැරීමක් එයාලට භය නිසා බැරි වැඩේ අපිට දීලා අපි ඕන එකකට ඔට්ටුයි. ඇයි ඉතින් අපේ ආරක්ෂාවට පොඩි දෙයක් ඉල්ලුවම වැරදිද?
ඉල්ලීම සාධාරණයි. එත් මාස්ක් එකක් පහසුවෙන් ගෙදරදී හදාගන්න පුළුවන්... රෝහල්වල අයත් තමන් විසින්ම මේවා මහනවා. පුළුවන් නම් තමන්ම මේවා හදාගන්න. රජයේ ඒවා අත්‍යවශ්‍ය සේවයට ලබාදෙන්න ඉඩදීලා. රෝහල්වලට මාස්ක් හිගයිනේ...
අනිවාර්යයෙන් දිය යුතුයි.
ඉතාම සාධාරණ ඉල්ලීමක් කියන්න පුළුවන්. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මෙම කාර්යයන්ම අධීක්ෂණය කරන සමාජසේවා නිලධාරීන් කීප දෙනෙකුත් සමාජසේවා කටයුතු කරන සංවර්ධන නිලධාරීන් පිරිසකුත් සිටියදීත් ක්ෂේත්‍ර රාජකාරි සඳහා ඔවුනට යතුරුපැදිත් සපයා තිබියදී ඔවුන්ට මෙම කටයුතු නොපවරා වැඩ කරන නිලධාරීන්ටම සෑම කටයුත්තක්ම පැවරීම සුදුසුද නැවත සිතා බලන්න...
ඉතාම සාධාරණ ඉල්ලීමක් කියන්න පුළුවන්. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මෙම කාර්යයන්ම අධීක්ෂණය කරන සමාජසේවා නිලධාරීන් කීප දෙනෙකුත් සමාජසේවා කටයුතු කරන සංවර්ධන නිලධාරීන් පිරිසකුත් සිටියදීත් ක්ෂේත්‍ර රාජකාරි සඳහා ඔවුනට යතුරුපැදිත් සපයා තිබියදී ඔවුන්ට මෙම කටයුතු නොපවරා වැඩ කරන නිලධාරීන්ටම සෑම කටයුත්තක්ම පැවරීම සුදුසුද නැවත සිතා බලන්න...