( +++ ජයන්ත සමරකෝන්)
ග්‍රාම නිලධාරීන් මහජනතාවගේ අවශ්‍යතාව ඉටු කිරීම සඳහා කාර්යාලවල සිටිය යුතු කාලය සතියකට දින 2 1/2 කට සීමා කිරීම නිසා තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවට ජනතාව මැසිවිලි නගති.
මේ පිළිබඳව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. ධර්මසේන මහතාගෙන් විමසීමේ දී ඔහු පැවසුවේ තම අමාත්‍යාංශයෙන් 2016 අප්‍රේල් 27 වැනිදා නිකුත් කර ඇති චක්‍රලේඛයකට අනුව ග්‍රාම නිලධාරීන් සතියකට දින 2 1/2ක් ක් කාර්යාල රාජකාරියේ යෙදිය යුතු අතර බදාදා හැර අහඟරුවාදා සිකුරාදා සහ ඉරිදා දින තුනෙන් එකක් විවේක දිනය ලෙස යොදා ගත හැකි බවය.
ග්‍රාම නිලධාරීන් බදාදා දිනවල උදය වරුත් රාජකාරි අවශ්‍යතා සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රැඳී සිටිය යුතු අතර එදින ඉන්පසුව තම කොට්ඨාසවල රැඳී සිටිය යුතු බව ද ධර්මරත්න මහතා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.