(සිරංගිකා ලොකුකරවිට)
ග්‍රාම නිලධාරී සේවාව ආරම්භ කර ඇත්තේ සාම නිලධාරියෙකු ලෙස බැවින් ග්‍රාම නිලධාරීවරුන්ට වැඩවර්ජනය කිරීමේ අයිතියක් නැතැයි අභ්‍යන්තර හා ස්වදේශකටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (24) ගාල්ලේදී පැවසීය.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,
"අපේ රජය බලයට පත්වූ අවස්ථාවේ දී ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් හදලා දැන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම්වෙන විට ග්‍රාම නිලධාරීන් සේවා ව්‍යවස්ථාවක් ඉල්ලලා වර්ජනය කරන්න හදනවා.
මේක දේශපාලන වාසි බලාගෙන කරන්න හදන වැඩක්. අපේ රජය බලයට පත්වෙලා ගතවුණේ අවුරුදු තුනයි. මම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වූ අවස්ථාවේ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති කැඳවලා සාකච්ඡා වට ගණනාවක් තියලා ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් හදන්න ආරම්භ කළා.
දැන් ඒ කටයුතු අවසන් කරලා තිබෙනවා. ඉදිරි දින කිහිපයේ දී මේ සේවා ව්‍යවස්ථාව අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන්න සියල්ල සූදානම් කරලා තියෙද්දී එක්තරා ග්‍රාම නිලධාරීන් පිරිසක් වැඩ වර්ජනයකට සූදානම් වෙනවා. ග්‍රාම නිලධාරීන්ට වර්ජන කරන්න බැහැ.
ඔවුන් සාම නිලධාරීන්. 1961 දී මේ සේවාව ආරම්භ කරලා අවුරුදු ගණනාවක් ගත වුණා. විෂ්‍ය භාර ඇමතිවරු රැසක් හිටියා. ජනාධිපතිවරු කිහිප දෙනෙක් හිටියා. ඒ කාලවල සේවා ව්‍යවස්ථාවක් ඉල්ලලා කවුරුවත් උද්ඝෝෂණ කළේ නැහැ. මම විෂය භාර ඇමතිවරයා බවට පත්වෙලා සේවා ව්‍යවස්ථාව හදලා එය සම්මත කරන්න සූදානම් වෙනකොට කට්ටියක් සූදානම් වෙනවා සේවා ව්‍යවස්ථාවක් ඉල්ලලා වර්ජන කරන්න අවශ්‍ය නෑ, අපි වැඩේ කරලා තියෙන්නේ. දේශපාලන වාසි බලාගෙන වර්ජනය කරලා අනවශ්‍ය කලබල කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා."
අමාත්‍යවරයා එහි දී කියා සිටියේ ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්, ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා වට රැසක් පවත්වා එය කෙටුම්පත් කළ බවයි.
ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට සියල්ල සූදානම් කර තිබිය දී දේශපාලන වාසි බලාගෙන ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයන් අසත්‍ය කරුණු ප්‍රචාරය කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.
COMMENTS
වර්ජන කියන්නේ වැඩ නොකර සිටීම නේද? මේ නිලධාරීන්ට වැඩකරන්න තියෙන්නේ සඳුදා දිනයත් බ්‍රහස්පතින්දා වරුවකුත්, සෙනසුරාදා වරුවකුත් පමණයිනේ... අනෙක් කාලයම වර්ජනයේ සිටින්නේ. පසුගිය රජය කාලේ පත්වීම් ලැබූ බොහෝ දෙනෙක් කාන්තාවන් ඔවුන් කාර්යාලවලට එන්නේ බොහෝවිට උදේ දහය පසුවෙලා නැවත සවස දෙකට පමණ ආපසු යනවා. පසුගිය දිනක මම දැක්කා එක් විශ්‍රාමිකයෙක් ඔහුගේ වාර්ශිකව දියයුතු පෝරමය දෙන්න ග්‍රාම නිලධාරි හමුවෙන්න ගියා. නිලධාරිනිය නැහැ කියා කෙනෙකු කිව්වා වැඩ බලන්නේ අල්ලපු වසමේ කෙනා කියල ඔහු එතනටත් ගියා. එතැන නම් දැන්වීමක් තිබුනලු දරුවට බෙහෙත් ගන්න යනවා. එහා වසමේ කෙනා හමුවෙන්න කියලා.. ඇමතිතුමනි, මේවාට විසඳුමක් නැද්ද? ඒ සමගම කියන්න ඕන 1988 කාලයේ විශේෂ සේවා නිලධාරී තනතුරු අහෝසි කිරීමට ග්‍රාමසේවා නිලධාරීන් ලෙසට ගැනීම නිසා කාන්තාවන් ග්‍රාම නිලධාරි සේවයට ආවා. නමුත් කාන්නාවන් එම සේවයට සුදුසු නැහැ. එයටත් විසඳුමක් දෙන්න...
එහෙම කියන්න එපා. ඒ වුණාට සමහර ග්‍රාම නිලධාරීන්ට ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නත් පුළුවන්...
මදෑ... ග්‍රාම නිලධාරීනුත් අලි කරදරයක් වෙලා අපිට දැන්...
මුළු රාජ්‍ය සේවයම අද දේශපාලුවන් යටතේ තබාගන්නයි මොවුන් හදන්නේ! පිටකොන්දක් තිබෙන නිලධාරීන් නුගත් තක්කඩි දේශපාලුවන්ට ඕන විදිහට කටයුතු කරන්න සුදානම් නැහැ. ග්‍රාම නිලධාරීන් කියන්නෙත් රාජ්‍ය සේවක කොටසක් බව මුන්නැහෙට අමතක වෙලා! ඇයි ඔවුන්ට වැඩ වර්ජනය කරන්න බැරි?
ග්‍රාම සේවකට, නිලධාරී කියන කෑල්ල අලවන්න ගියාම තමයි ඔය ගැටලුව
ක්‍රිෂෝ,"නිලධාරී" කෑල්ල නැතුව තත්වයක් නැහැ කියලා කාටත් එක දුන්නා. හැබැයි, කම්කරුවාටත් "නිලධාරී" කෑල්ල එක් කලාම එයා "කම්කරු නිලධාරියෙක්" වෙනවා. ආන්න එතකොට"ලේබර් ඔෆිසර්" ට කිසිම තත්වයක් නැහැ. උන්නැහේ නිකම්ම කම්කරුවෙක් වෙනවා! ඒ වගේම තමයි. කෘත්‍යාධිකාරි මණ්ඩලය කියන බොඩියට, සරීර කෘත්‍යාධිකාරී මණ්ඩලය කියන්නත් පුළුවනි!