(බිමල් ශ්‍යාමන් ජයසිංහ ඉන්දිකා රාමනායක)
ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් වත්තල පමුණුගම පිහිටි නිවසකදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (26) උදෑසන ග්‍රෑන්ඩ්පාස් නිවාස සංකීර්ණය ආසන්නයේදී සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලැබුහ.
එම කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බව කියන බ්ලු මැන්ඩල් සංඛ නමැත්තා ඝාතන සිද්ධිය වන අවස්ථාවේදී ඇද ඇඳුම් හා ඔහුගේ ජංගම දුරකතන පුළුස්සමින් සිටි බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
වෙඩි තැබීමට පැමිණි බව කියන පුද්ගලයාට අයත් යතුරුපැදිය ද පොලිසිය බාරයට ගෙන ඇත.
මෙම වෙඩි තැබීමෙන් පාතාලයට සම්බන්ධ බව කියන දිනේෂ් එරන්ද නොහොත් ‘කලුබෝලේ‘ නැමැත්තා මිය ගියේය.
සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව මෙම සිද්ධියට සම්බන්ධ බව කියන බ්ලුමැන්ඩල් සංඛ නැමැත්තාගේ හිතවතියක් වන අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට පෙර හා පසුව බ්ලුමැන්ඩල් සංඛ හා වෙඩි තැබීමට පැමිණි බව කියන පුද්ගලයා එම නිවසට ගිය බව සිදුකළ විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වි ඇතැයි පොලිසිය සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
370
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2165
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1642
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම සම්බන්ධව කතක් අත්අඩංගුවට