
(ඉන්දිකා රාමනායක)
ග්රෑන්ඩ්පාස් කජීමා වත්තේ දී අද අලුයම ඇති වූ ගින්නෙන් එහි පැල්පත් නිවාස 50 පමණ විනාශ වී ඇතැයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ගින්න අද අලුයම 3.30 පමණ හටගෙන ඇති අතර පැය දෙකක අසන්න කාලයක් පැවැති ගින්න නිවීමට ගිනි නිවීමේ හමුදා භටයින් 20 ක් ද ගිනි නිවීමේ රථ 10 ක් ද යෙදවූ බවද ගිනි නිවීමේ හමුදාව කියයි.
කජීමා වත්තේ පැල්පත් 250 කට ආසන්න ප්රමාණයක් තිබේ. ගිනි නිවීමේ හමුදාව වහා ක්රියාත්මක වී ගින්න පාලනය කිරීම නිසා සෙසු නිවාසවලට පැතිරයාම වළක්වා ගැනීමට හැකි වූ බව ගිනි නිවීමේ හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
(ඡායාරූප ළහිරු හර්ෂණ)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd