IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගුරුතුමිය ඔන්ලයින් කරද්දී ඡංගම දුරකතනය රිලවෙක් ඩැහැගනී

(සමන් පාලිත නානායක්කාර)

ඔන්ලියන් අධ්‍යාපනය දරුවන්ට ලබාදීම සඳහා ප්‍රමාණවත් සංඥා ලබා ගැනීම සඳහා ගසක් මත තැබූ රුපියල් 50,000ක් පමණ වටිනා ස්මාර්ට් ඡංගම දුරකතනයක් රිලවකු ඩැහැගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල කිරිමැටියේ ගුරුවරියක කියන්නීය.

රුපියල් 50,000ක පමණ වටිනා කමකින් යුත් ස්මාර්ට් ජංගම දුරකථනයක් මෙසේ රිළවකු කැලෑවට ඩැහැගෙන ගිය බව එම ගුරු මහත්මිය පැවසුවාය .

අන්තර්ජාල භාවිතයට ප්‍රමාණවත්ව සංඥා නොමැති හල්දුම්මුල්ල කිරිමැටිය ගම්මානයේ නිවස්වල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවී පවත්වාගැනීමට හල්දුම්මුල්ල විදුහලේ 4 වන ශ්‍රේණියේ දරුවන්ට උදේ හයයි තිහට සුපුරුදු පරිදි ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පාඩම කරගෙන ගිය බවත් දුරකථන සංඥා නොමැති නිසා සෑම දිනකම ජංගම දුරකථනය ගසක් මුදුනේ තබන බවත් මෙම ගුරු මහත්මිය පැවැසුවාය.

ඉගැන්වීම් කටයුතු කරන අතරතුර එක්වරම සංඥා ක්‍රියාවිරහිත වීම පිළිබඳ සොයා බැලීමේ දී රිලවෙකු ජංගම දුරකථනය රැගෙන යන අයුරු දුටු බවත් කෑගසන විට රිලවා එය රැගෙන කැලෑ වැදුණු බවත් එම ගුරු මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

 



අදහස් (2)

ගුරුතුමිය ඔන්ලයින් කරද්දී ඡංගම දුරකතනය රිලවෙක් ඩැහැගනී

සේනක Friday, 25 June 2021 01:17 PM

රිලවුනුුත් ආස ඇති ඔන්ලයින් ඉගනගන්න.මොකද දැන් සත්තුන්ටත් කොරොනා තියෙනවානෙ.

:       9       22

KIYATHA BERALAPANATHARA. Friday, 25 June 2021 05:42 PM

රිලවා ඔන්ලයින් පන්තියක් දානන වෙන්නැති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 29 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site