(ප‍්‍රදීප් කුමාර)
මුලතිව් පැරණි රෝහල ඉදිරිපිට සිට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පිරිසක් අද (24) විරෝධතා පා ගමනක නිරත වූහ.
මුලතිව් අධිකරණය ලබා දුන් තීන්දුව නොතකා මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු ගුරුකන්ද විහාරස්ථානයේ සිදු කිරීමට විරෝධය පල කරමින් මෙම විරෝධතාවය පවත්වන ලදි.
මෙම අවස්ථාවට උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් මහතා , දෙමළ දේශපාලනඥයින් , උතුරු පළාතේ නීතිඥයින් පිරිසක් සහ ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
විරෝධතාකරුවෝ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස පවසමින් කලු පටි බැද විරෝධතාවයට සහභාගි වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන්නෙ විග්නේෂ්වරන් කියන අසත්පුරුෂයා තමයි මේ මෝඩයින්ව අන්දවන්නෙ. එකෙක් අන්දවලා අන්දවලා ඌත් කාලා අනිත් උන්ටත් කන්න අරන් දුන්නා. මූත් එහෙම එකකට තමයි සූදානම
එතකොට මෙම විරෝධතා පා ගමනට නායකත්වය දීල තියන්නේ වාසුදේවගේ.මස්සින විග්නේශ්වරන්.
අපේ ආගමික නායකයින්ට නිදහසේ තම ආගම ඇදහීමට තිබෙන අයිතිය මෙන්ම අපවත් වීමෙන් අනතුරුව මේ භුමියේ වැඩ සිටි ස්ථානයේ දේහය ආදාහනය කිරීමටද පුර්ණ අයිතිය පෙර කල පටන් තිබෙන බව සියලු දෙනාම දැන ගත්යුතුවා මෙන්ම එය ඉදිරියටත් පැවතිය යුතු බව දැන ගත යුතුය. මෙම රට පෙර කල රජ සමයේ සිට සිංහලේ නමින් තිබුණු බවත් සියලුම දෙනා දන්නා කරුණක් වේ.
දැන් තේරෙනවද හිසරදයයි, ඔලුව කැක්කුමයි හැදුණේ කොහොමද කියලා...?
මදාවියෙක් වුණත් මළාට පස්සේ අවසාන කටයුතු හොඳින් ඉටු කර ගැනීමට ඉඩදීම මේ රටේ මිනිසුන්ගේ උතුම් ගුණාංගයකි. නොමැරෙන මිනිසුන් ලෙස සඟ යතිවරයෙකුගේ අවමගුල් උත්සවයට බාධා කිරීම දෙමළ අයගේ දුෂ්ඨ ගතියක් ලෙස බැලූ බැල්මට පෙනේ. එසේ පෙනුනත් මෙය ඇත්ත වශයෙන්ම දේශපාලකයින්ගේ උසි ගැන්වීමක් බව පැහැදිලිය. ඔය උද්ඝෝෂණයට ගිය අය කිසිදා නොමැරෙණ වයසට නොයන අය නිසා මැරෙන අපි කලබල විය යුතු නොවේ. මේ රටේ ජාතීන් අතර සමගියට මෙය ඉතා විශාල පහරක් වන අතර මානව හිමිකම් ගැන හඬ නගන අයට මෙය නොපෙනෙන්නේ මන්දැයි මම නොදනිමි...
යුද්දේ දිනුවට "ප්‍රශ්නේ" විසඳලා නැහැනේ.
සංහිඳියාව දොරේ ගලනවා 2015 ඉඳලා.
මේ කාලකණ්නින්ට ඉල්ලන බලතල දුන්නොත් කොහොම තියෙයිද? කොටි එන්නට කලින් අපිට යාල් දෙවි කෝච්චියේ වවුනියාවෙන් උතුරට යනකොට මෙයාලගේ කකුල් අපේ සීට් වලට තිබ්බා. මට තවම මතකයි. මෙයාල එක්ක සමගියෙන් ඉන්න කොච්චර දේවල් දුන්නත් මෙයාලව සතුටු කරන්න බැරි පිරිසක්. ආයේ මොකටද? මේ කරන දේවල් නිසාම මෙහෙම ලියන්න වෙනවා.
දකුණේ අපිත් ඔය පූසාරිලා මැරුණාම අවසන් කටයුතු කරන්න උතුරට යවන්න කියමු. ආණ්ඩුවක් නැති රටක්! තව ඡන්දෙ ඉල්ලන්නත් එනවා. ඉතුරු වුන ටිකත් විනාශ කරන්න. සජිත්-රනිල් මේ ගැන කටක් ඇරියේ නැහැ.
වසර 2000 කටත් වඩා පැරණි ගුරුකන්ද විහාරයේ ප්‍රශ්නයට ආණ්ඩුව දැක්වූ බියගුළු, ඡන්ද පෙරේතකමේ විපාක. 88-89 කාලෙදී 60000ක් සිංහල කොල්ලන් මරන්න බය නොවී 2001දී ප්‍රභාකරන්ට බයවෙලා උතුරු, නැගෙනහිර ලියලා දෙන්න හදපු රනිල් මේ ප්‍රශ්නයේදීත් එවැනිම බියගුළු පාවාදීමක් කළා. ඒ කලේ මොනවා නිසාවත් නෙවි TNA ඡන්ද බලාගෙන... තවමත් නිහඬව ඉන්නේ ඒ නිසා..!
ගුරුකන්ද විහාරය වසර 2000 කටත් වඩා පැරණියි. TNA උතුරේ ජාතිවාදීන්ට තියෙන වුවමනාවට ඒකට අත තැබීම ඉතිහාසයට පටහැනියි. මේ ප්‍රශ්න ඔඩු දුවනකල් පාර්ලිමේන්තුවේ පුටු රත්කරන සිංහල කියාගන්නා උනුත් මේවට වගකියන්න ඕනේ. එහෙන් මුහුදු මහා විහාරයට පාරක් වත් නැති වෙන විදියට, වටකරලා නැගෙනහිර පන්සල් විනාශ කරලා හැමෝම බකන් නිලාගෙන ඉන්නවා. TNA මේක දේශපාලන ප්‍රශ්නයක් කරන කල් රනිල්, අකිල, UNP එකේ කෑමොර දෙන හැම දේශපාලකයම බලාගෙන හිටියා. ගිය ආණ්ඩුවත් බලාගෙන හිටියා. මේ රටේ නීතිය තියෙන්නේ සිංහලයට විතරද? පන්සලේ විහාරාධිපති අපවත් වුණාම ආදාහනය කරන තැන තීරණය කරන්න උසාවියෙන් තීරණයක් එනතුරු එනකල් ඉන්න වෙන තත්වෙට අපිව පත්කළේ කවුද?
මෙන්න බලා ගන්න කවුද ජාතිවාදියන් කියලා.. මැරුණු කෙනෙකුට අගෞරව කරන්න පාරට බහින කාලකන්නි දේශපාලුවෝ... මේක තනිකර දේශපාලන උසිගැන්වීමක්... ඔය කියන කෝවිල ගොඩනැගුවේ යුද්ධයෙන් පස්සේ... අධිකරණ ඇමති මේ තීරණය ගැන පියවරක් ගන්නේ නැද්ද? සිංහල බෞද්ධයෙක් වශයෙන්...
මරණයක් සිදුවීම කෝවිලකට කිල්ලක් නොහොත් අපිරිසිඳු වීමකි. බුදු දහමට අනුව එය අනිත්‍ය මෙනෙහි කිරීමට සුදුසුම අවස්ථාවකි.මෘත ශරිරයට ගෞරව කිරීම කාගේත් සිරිතකි. භික්ෂුන් වහන්සේ නමක් අපවත් වූ විට පන්සල් භුමියේ චිතකයක් තනා අවසන් කටයුතු කර සොහොන් කොතක් තැනීම අප රටේ කවදත් පැවති සිරිතකි. බලසම්පන්න ගිහියන්ද තම පවුලේ සාමාජිකයෙකු මියගිය විට තම වත්තේ අවසන් කටයුතු කර සොහොන් කොතක් තනයි. ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් කවුරුත් සංහිදියාවෙන් ජිවත් වීමට ඉඩ නැති කරමින් මුලතිව් ප්‍රදේශයේ හෝ වෙනත් ඕනෑම ප්‍රදේශයක පන්සලක භික්ෂුන් වහන්සේ නමකගේ අවසාන කටයුතු කිරීමට හෝ තම වත්තේ යමෙකුගේ අවසාන කටයුතු කිරීමට ඉඩ නොදෙන අධිකරණයේ විනිසුරුවරුන්ට විරුද්ධව නඩු පැවරීමට නොහැකිද? මමනම් නීතිය නොදන්නා නිසා මට ඇතිවන සාධාරණ සිතුවිල්ල එයයි. විනිසුරුවන් වුවත් මිනිසුන් නිසා ඔවුන්ද වැරදි කිරීම මිනිස් ගතියක් බැවින් වැරදි වලට දඩුවම් පැමිණවීම මගින් වැරදි කිරීම අඩුවෙනවා නේද? ජනපති විනිසුරුවන් ඇතුළු සෑම පුද්ගලයෙකුටම වරදට දඬුවම් දිය යුතුමය. මේ දෙමළ ජනතාව කරන වැඩය වැරදි බව නොතේරෙන දෙවියෙක් සිටිය නොහැක .
කොහොම පෙළපාලි ගියත් අපිට කිසිම පාඩුවක් නැහැ.