IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගම් මට්ටමින් කොම්පෝස්ට් හදන්න යයි

(රංජන් කස්තුරි)

දිවයිනේ සියලුම ග්‍රාමනිලධාරී වසම්වල කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කීවේය.

මේ වනවිට දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම කාබනික පොහොර නිෂ්පාදකයකු බැගින් හඳුනාගෙන ඇති බවද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවද කාබනික පොහොර නිෂ්පාදනයට එක්වෙමින් මිහින්තලේ වෙල්ලාරගම ගම්මානයේ කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් ආරම්භකර තිබෙන බවද ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ගම්මට්ටමින් නිෂ්පාදනය කරන කාබනික පොහොර රජය මගින් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය ඇමතිවරයා කීය.



අදහස් (9)

ගම් මට්ටමින් කොම්පෝස්ට් හදන්න යයි

Jude perera Thursday, 08 July 2021 09:34 PM

බයිලා ගහන්නේ නැතුව කොම්පෝස්ට් ටැංකි බෙදලා දෙනවා කැමැති අයට... එතකොටයි හරි..

:       2       75

siri Thursday, 08 July 2021 10:00 PM

ඉතාම සාර්ථක වැඩපිළිවෙලක් වේවි. 69 ලක්ෂයක්ම ඉන්නවා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්න...

:       0       37

වර්ණකුලසූරිය Thursday, 08 July 2021 10:17 PM

රාජ්‍ය පාලනයේ ළදරු අවධියක පසුවෙන බවක් තමයි අපට පේන්නේ. රටත්, ජනතාවත් මේ මොහොතේ පත්ව ඇති තත්ත්වය තේරුම් නොගෙන ලෝකයේ දියුණු රටක්වත් නොගන්නා තීරණයක් ගැනීම මොන්ටිසෝරි දේශපාලකයින්ගේ ලක්ෂණයකි. එසේ නොවන්නේ නම් "එසේය මහරජ" කියන වර්ගයේ ඇමතියන් වියයුතුයි.

:       0       2

handima Thursday, 08 July 2021 10:50 PM

ආයෙ මොනවට හදනවද ඇමැතිතුමෝ..? අපිවම අරන් යන්න. අපිත් දැන් කොම්පෝස්ට් වෙලා ඉවරයි. තව කල් උන්නොත් කොම්පෝස්ට්වලට ගන්නවත් දෙයක් නැතිව යනවා.

:       0       0

Sri Lanka Friday, 09 July 2021 02:35 AM

හොඳ වැඩක්... ජයවේවා..!!!

:       4       0

සෙනෙවිරත්න Friday, 09 July 2021 06:41 AM

මේවායේ ප්‍රමිතිය බලන්නේ කවුද , කොහොමද? මේවා විකුණලා බෝග වලට දාලද? අස්වැන්න අඩු වුණාම කවුද වගකියන්නේ..?

:       0       7

sharm warn Friday, 09 July 2021 08:49 AM

එහෙම කොහොමද ජූඩ්... ලොකුවට අණබෙර ගහලා ලොකු ව්‍යාපෘතියක සැලසුම් පෙන්නුවේ නැතිනම් කොහෙන්ද කුට්ටිය හදාගන්නේ? නගර සභා මට්ටමින් හැම ගේකටම කොම්පෝස්ට් බැරල් එකක් අනිවාර්ය කරන්න කියලා අපි කිව්වේ මෙයාලගේ කළින් අවුරුදු 10 කළේ... මේ දැන් හීනෙන් නැගිට්ටා වගේ මෙයා ලොකු කතා කියාගෙන එන්නේ...

:       1       18

Nuwan Friday, 09 July 2021 11:47 AM

පෝර ගේන්න විදේශ විනිමය නැහැ කිව්වා නම් නෝන්ඩි නැතිව ෆේල් වෙන්න තිබුණා.

:       0       17

M G dharmasena Friday, 09 July 2021 09:38 PM

බොහොම හොඳ වැඩපිළිවෙළකි. අනාගතයට වටිනා හොඳ මාවතක් වේවි..!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site