
(පුෂ්පකුමාර ජයරත්න )
පුරාවිද්‍යා ස්මාරක වලට සිදු කරන හානි සම්බන්ධයෙන් ගමේ අහිංසක බණ්ඩයියා වැනි පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිස්සුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි කුරුණෑගලට වැඩම කළ ජාතික බොදුබල සේනා සංවිධානයේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ.
කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ලට සිදු කර ඇති හානිය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ ප්‍රශ්නය නැඟූහ.
උතුරු සහ නැගෙනහිර පළාත් වල තිබෙන බෞද්ධ පුරා වස්තු අන්‍යාගමිකයන් විසින් ඉවක් බවක් නැතිව ඩෝසර් කොට විනාශ කරත්දී ඒ විනාශයම දකුණේ බෞද්ධ දේශපාලනඥයින් විසින් සිදු කිරීම දැඩි සංවේගයට කරුණක් බවද ඥානසාර හිමියන් පැවසූහ.
කුරුණෑගල රාජසභා මණ්ඩපයට සිදු කළ හානියට වගකිවයුත්තන් පුරාවිද්‍යා පනතට අනුව අනිවාර්යයෙන් දඬුවම් ලබා දිය යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා තෙක් ජනතාව ජනාධිපතිවරයා දෙස බලා සිටින බවද උන්වහන්සේ සඳහන් කළහ.
මේ අවස්ථාවට උලපනේ සුමංගල , වනවාසී රාහුල , කුරුණෑගල ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ ලේඛකාධිකාරී ගිරිහාගම මුණිරතන , නියෝජ්‍ය ලේඛකාධිකාරී වීරපොකුණේ සුමංගල හිමිවරුන්ද සහභාගි වූහ.


COMMENTS
එයා කොහේ දඬුවම් දෙන්නද සහෝදරයාට..?
ගමේ බණ්ඩයියා ආණ්ඩු පක්ෂේ දේශපාලකයෙක් වුනිත් ඔය නීති බලපාන්නේ නැහැ.
රටටම කට ඇරගෙන බලාගෙන ඉන්න තමයි වෙලා තියෙන්නේ.
නෝණ්ඩි වෙන්න බැරි නිසා ආවා ඉතින් පෙන්නන්න මම මේකටත් විරුද්ධයි කියලා..
රාජපක්ෂලාට මේ රට අයිතියි. යුද්ධයෙන් දින්නා කියා මෙරට ඔවුන් අයිතිකරගෙන ඉවරයි. මොවුන්ගේ බලය විනාශ නොකළොත් ඔබටත් මටත් මේ රටේ ජීවත් වන්න වෙන්නේ වහලුන් ලෙසයි.
ජොනීට සහ ත්‍රිවීල් ඵලවපු 8 පාස් නගරාධිපතියාට ජයවේවා!! සිංහලයාට කවුරුවත් නෑ..
ඇති යන්තම් ඔබවහන්සේ හරි මෙතැනට වැඩියා. කෝ ඔය දේශප්‍රේමීන්, ජාතිකවාදීන් කියන සෙට් එක...? ජනතාවනි, මේ අපරාධයට සම්බන්ධ සියල්ලන්ටම මහ ඡන්දයේදී හොඳ පාඩමක් උගන්වන්න. දැන් මෙහෙමනං තුනෙන් දෙක දුන්නොත් රටටම කෙලවෙනවා අනිවා...
සීගිරිය කුරුටු ගී මැකූ දැරියට වසර 2ක සිරදඬුවම්, දේශපාලකයෝන්ට මොන දඬුවම්ද.
ජනාධිපතිතුමා කොහොමද අගමැතිතුමාගේ ගෝලයෙක් කරපු දේකට දඬුවම් දෙන්නේ.? නිකන් විහිළු මේවා.