
(රංජිත් කරුණාවීර)
“කොරෝනා සම්බන්ධයෙන් වැඩියෙන්ම කථා කලේ කොළඹ ගැන. ඒත් තව සති දෙක තුනක් යනකොට කොළඹට වඩා වැඩි විනාශයක් සිද්ධවෙයි මේ ගම්බිම්වල. එහෙත් කොරෝනා සීඝ්‍රයෙන් පැතිරිලා. මේ වනතුරු රට කරවන නායකයන්වත්, ආරක්ෂක අංශ නිලධාරින්වත්, වෛද්‍යවරුවත් මේ ප්‍රදේශ ගැන කිසි තීරණයක් අරගෙන නෑ. මේ ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම වග කිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ පැවසීය.
මහියංගණය හා රිදිමාලියද්ද අවට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 173 දක්වා සීඝ්‍ර ලෙස ඉහළයෑමත් සමග තම ගම්මාන ද ඉතා අවදානම් තත්වයකට පත්ව ඇති තත්වය හමුවේ බලධාරින්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව ආදිවාසි නායකයා මාධ්‍ය හමුවක් කැඳවමින් දඹාන ආදිවාසී ගම්මානයේදී ප්‍රකාශ කර සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ආදිවාසී නායක වන්නිලැත්තෝ “මේ කාලේ රට හැමතැනම කොරෝනා වසංගතය පැතිරිලා තියෙනවා. මහියංගණය, බදුල්ල, කන්දකැටිය ආදි අපි ජීවත්වෙන මේ ප්‍රදේශ දක්වාත් මේ දරුණු වසංගතය පැතිරිලා තියෙනවා.
අද වන විට තිස්සපුර, ගැමුණුපුර, ආදි මහියංගණය ආශ්‍රිත ගම්මාන රැසක 200කට ආසන්න පිරිසකට කොරෝනා ආසාදිතයන් බවට පත්වෙලා තියෙනවා. හැබැයි මේ වන තුරු රට කරවන නායකයන්වත්, ආරක්ෂක අංශ නිලධාරින්වත්, වෛද්‍යවරුවත් මේ ප්‍රදේශ ගැන කිසිදු තීරණයක් අරගෙන නෑ. මේ තැන්වල වැඩ කරපු තරුණ තරුණියේ රෝග ව්‍යාප්තියත් සමග හැංගෙන තත්වයක් උදාවෙලා තියෙන්නේ. හැබැයි හවස් වන විට ඒ අය කඩපිලට හා නගරයට පිවිසීම තුළ මේ ගම්මාන අවදානම් තත්වයට පත්වෙමින් යනවා.
මට හිතෙන විදියට කොරෝනා සම්බන්ධයෙන් වැඩියෙන්ම කථා කළේ කොළඹ ගැන. ඒත් තව සති දෙක තුනක් යනකොට කොළඹට වඩා වැඩි විනාශයක් සිද්ධවෙයි මේ ගම්බිම්වල. ඒවයේ කොරෝනා වේගයෙන් පැතිරිලා. මේ ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම වග කිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා''
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගම අමතක කළ නායකයන්ට වන්නියලැත්තන්ගෙන් ටොක්කක්