(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් සත් මහල් ගොඩනැගිල්ලෙහි මේ දිනවල සිදු කෙරෙන අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් එහි ශල්‍යාගාර 7 ක් ම වසා දැමීමට සිදුව තිබීම මත පැරණි ශල්‍යාගාරයක් කඩිනමින් සකස්කර ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම රෝහලෙහි සත් මහල් ගොඩනැගිල්ලේ මහල් අතර පවතින ජල කාන්දුව සැකසීමේ කටයුතු මෙලෙස සිදු කිරීම මත ප්‍රධාන ශල්‍යාගාර හතර සහ මධ්‍ය ප්‍රමාණයේ ශල්‍යාගාර තුනක් මෙලෙස වසා දමා තිබේ.
මේ වනවිට අක්ෂි , විකලාංග සහ උගුර, කණ , නාසය සම්බන්ධයෙන් වන ශල්‍යකර්මය සදහා පවා දිස්ත්‍රික්කයේ වෙනත් රෝහල් වෙත යැවීමට සිදුව ඇති බවත් පැරණි ගොඩනැගිල්ලෙහි පවතින ශල්‍යාගාරය කඩිනමින් වැඩි දියුණු කරගැනීමට සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසීය.
පැරණි ගොඩනැගිල්ලේ පවතින ශල්‍යාගාරය වැඩි දියුණු කිරීම පිණිස ගුවන් හමුදාව මගින් ශ්‍රම දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව ඇති අතර මේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වෙන් කළ යුතුව ඇත.
මේ සම්බන්ධයෙන් ගම්පහ ප්‍රාදේශීය ඉංජිනේරු එම්.ඒ.සී.සකුන්තලා මහත්මියගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර සිටියේ , එම පැරණි ශල්‍යාගාරය වැඩි දියුණු කරගැනීම සඳහා වූ සැලස්ම සකස් කර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට සහ ගම්පහ රෝහල් අධ්‍යක්ෂවරයා වෙත යවා ඇති බවත් එය අනුමත වූ පසුව අවශ්‍ය ඇස්තමේතන්තුව සකස් කොට බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යැවීමට පියවර ගන්නා බවත්ය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගම්පහ රෝහලේ ශල්‍යාගාර 7 ක්ම වහයි