ඩි.ජී.සුගතපාල සහ තිලකරත්න දිසානායක
ගාල්ල සහ ගම්පහ පෙදෙස්වල ගනුදෙනුකරුවෝ පිරිසක් මූල්‍ය ආයතනයක් වසා දැමීමට විරෝධය පළ කරමින් සහ සිය තැන්පත් මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා අද (26) උද්ඝෝෂණයක නිරත වුහ.
මෙහිදි ගාල්ල ශාඛා කළමනාකරු කියා සිටියේ මේ වනවිට ස්ථිර තැන්පත්කරුවන් 2447කගේ රුපියල් බිලියන 1.7ක් ද ඉතිරි කිරිමේ ගිණුම් හිමියන් 5480කගේ බිලියන 1.5ක්ද තිබෙන බවයි. මාර්තු මාසයේ සිට තම ශාඛාවේ සේවක පිරිස පඩි නැතිව වැඩ කල බවත් ඒ අතර පසුගිය 22 වනදින මහ බැංකුවේ නිලධාරින් පැමිණ ශාඛාව වසා දැමු බවත් කියා සිටි කළමනාකරු අසරණ ජනතාවගේ මුදල් ලබා දිමට රජය මැදිහත්විය යුතු බවද කියා සිටියේය.
ගම්පහ පෙදෙසේ විරෝධතාවයට එක්වූ වැඩිහිටි තැන්පත්කරුවන් ප්‍රකාශ කර සිටියේ තමන් විශ්‍රාම යාමෙන් පසුව මුලු අර්ථසාධක මුදලම මෙම මූල්‍ය ආයතනයෙහි තැන්පත් කළ බවත් මහ බැංකුවෙහි පාලනය යටතේ පැවති මෙම ආයතනය වසා දැමීම හේතුවෙන් පත්ව සිටින තත්ත්වය සලකා සිය තැන්පතු ආපසු ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.


(ගාල්ල - සුගතපාල)

(ගම්පහ - තිලකරත්න දිසානායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය පාර ආණ්ඩු කළ කාලේ සෙලින්කෝ එක අයියලා මල්ලිලා ඔක්කොම කෑවා. දැන් මේ මුල්‍ය ආයතන කනවා. හොරකම් කරන්න කියාපු අය. දේශප්‍රේමය විකුණන ගමන් හොරකම් කරන්නත් දක්ෂයි වගේ .
ෆිනැන්ස් ආයතන වල සල්ලි දැම්මහම අවදානම වැඩියි කොහොමත්. සීයට දෙක තුනේ වැඩි පොලියට තියෙන පෙරේතකම නිසා තමයි මෙහෙම වෙන්නේ. දැන්වත් ෆිනැන්ස් ආයතන වල සල්ලි යොදවන්නේ නැතිව රටේ පිලිගත් බැන්කුවල මුදල් යොදවන්න.
බංකොලොත් වෙලා වහපු පළවෙනි මූල්‍ය ආයතනය මෙය නොවෙයි. ලාබය වැඩිනම් අවදානම වැඩී යන්න මුදල් සමග ගනුදෙනු කිරීමේදී කියවෙන සිද්ධාන්තයක්. එය දැනදැනම මුදල් තැන්පත් කළානම් ඔබලා එ්කලේ පාඩුව විඳගන්න බලාගෙන... එමනිසා රටේ සිදුවූ දේවලින් පාඩම් ඉගෙන නොගෙන වැඩි තණ්හාවට මුදල් තැන්පත් කළානම් පාඩුවිඳිය යුතුයි. මම 1980 ගණන්වල ලංකා බැංකුවේ තිබෙන මගේ මුදල් අරගෙන වැඩි පොලියට පෞද්ගලික ආයතනයක තැන්පත් කරනකොට ලංකා බැංකු නිලධාරින් මට අවදානම කිව්වා. අවවාදවලට ඇහුම්කන් නොදුන්නා මම වැඩි පොලියක් ගන්න පෞද්ගලික ආයතනයක තැන්පත් කර මුදල් නැතිකර ගත්තා. ඉන්පසු මම පෞද්ගලික ආයතනයක මුදල් තැන්පත් කරන්නෙත් නැහැ... දන්නා කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ.