(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නොමැතිව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට උසස්වීම් හා වැටුප් වර්ධක ප‍්‍රදානය කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය අගෝස්තු 29 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා නිදහස් ජාතික සේවක සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
මෙම පෙත්සම් ප‍්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
ශ්‍රී ලංකා නිදහස් ජාතික සේවක සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය, එම මණ්ඩලයේ සභාපතිවරයා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර වෘත්තීය සමිතිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ඇතැම් සේවකයින්ට සම්මත පටිපාටියට පරිභාහිරව උසස්වීම් හා වැටුප් වර්ධක ලබා දීම හේතුවෙන් තම සංගමයට පමණක් නොව සෙසු සේවකයින්ට ද දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.
මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සම්මත පටිපාටියට පරිභාහිරව සිදුකෙරෙන උසස් කිරීම් හා වැටුප් වර්ධක ලබා දීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
2025 දෙසැම්බර් මස 04
537
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
483
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගමනාගමන සේවකයින්ට උසස්වීම් - වැටුප් වර්ධක ප‍්‍රදානය කිරීම වළකාලමින් අතුරු නියෝගයක්
sampath Wednesday, 17 July 2019 12:36 PM
ලංගම බස් එකකින් යැපෙන්න සේවකයෝ 10ක් 12ක් ඉන්නවා. කරන සේවයකුත් නැහැ. ඇත්තටම පුද්ගලික බස් එක්ක තරගෙට දුවන එක විතරයි ප්‍රවාහන සේවයකින් රටක් බලාපොරොත්තුවෙන්නේ.. වගකීම, යුතුකම දෙපාර්ශවයෙන්ම ඉටුවෙන්නේ නැහැ. ලංගම වනසාගත්තෙත් වෘත්තිය සමිති සහ දේශපාලනය තොග පිටින් සේවකයෝ දැම්ම ඡන්ද වලට බස් දැම්ම තරගෙට බස් ගිනි තිබ්බා... හොඳට දුවන්න පුළුවන් බස්.. වෙන්දේසියේ දැම්ම බස් ගෙන්නවන අය පොහොසත් වුණු, මගියා මහපාරේ රස්තියාදු වුණු මගියා අතරමග ත්‍රීවීල් වලට සල්ලි පුදනවා ..