
(අජන්ත කුමාර අගලකඩ)
‘කොවිඩ්-19’ වයිරසය ලබන වසරේ ජූලි මාසය වන තෙක් පැවැතිය හොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැටුප් හා අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට ජූලි මාසයේ සිට මසකට රුපියල් දෙකෝටි හතළිස් ලක්ෂය බැගින් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා රජයට යෝජනා කර ඇත.
‘කොවිඩ්-19’ වයිරසය හේතුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ඉකුත් මාර්තු මස සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ රුපියල් කෝටි 17ක පමණ ආදායමක් අහිමි වී ඇතැයි ද ඇමැතිවරයා රජයට දැනුම් දී ඇත.
මේ හේතුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ වසරේ රුපියල් කෝටි තුන හමාරක පමණ අයවැය හිඟයක් ඇති වී තිබෙන බව ද ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.