IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගාමිණි සෙනරත්ගේ අභියාචන පෙත්සම සලකා බැලීම ජූනි 13 දා

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුවූ රුපියල් මිලියන 142 ක පාඩුව  අයකර දෙන මෙන් ඉල්ලා සිටි නඩුවකින් අනුර ප‍්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන හිටපු අමාත්‍යවරුන් නිදහස් කරමින් ලබා දුන් නියෝගයට එරෙහිව ගාමිණී සෙනරත් මහතා  ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම ලබන ජුනි 13 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නියම කළේය. 

එම පෙත්සම අගවිනිසුරු නලින් පෙරේරා, ප‍්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ  අදත් (26 වැනිදා) සලකා බැලූ අතර එම ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම වැඩිදුරටත් සලකා බැලීම ජූනි 13 වැනිදාට කල් තබන ලදි. 

රුපියල් මිලියන 142 ක් අයකර දෙන මෙන් ඉල්ලා ගමනාගමන මණ්ඩලය විසින් කොළඹ වානිජ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවෙන් එහි  වගඋත්තරකරුවන්ව සිටි අනුර ප‍්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් නිදහස් කරන ලදි. එහෙත් මෙම නඩුවටද අදාළ චෝදනා ලාභියකුව සිටි ගාමිණී සෙනරත් මහතා එයින් නිදහස් නොකෙරිණ. 

අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත මහතා නිදහස් කිරීමේ තීරණයට එරෙහිව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානීයා ලෙසින්ද කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා  විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොණු කරන ලදි. ලබන ජුනි 13 වැනිදා තෙක් කල් දමන ලද්දේ එම පෙත්සම සලකා බැලීමයි.



අදහස් (0)

ගාමිණි සෙනරත්ගේ අභියාචන පෙත්සම සලකා බැලීම ජූනි 13 දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site