(නිමන්ති රණසිංහ)
මහරගම නගර සභාවේ පාලක පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍ර රසිකා ගුණසිංහ මහත්මියට බැන තර්ජනය කර පහරදුන්නැයි එම සභාවේ සමගි ජන බලවේගයේ මන්තී‍්‍රනි ඉනෝජා මුණසිංහ මහත්මිය රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව සැකකාර මන්තී‍්‍රවරිය මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.
මහරගම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයකුව සිටි කරෝලිස් රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා එම දේහය ඉකුත් 15 වැනිදා නගර සභාවේ ශ‍්‍රවනාගාරයේ තැන්පත් කර තිබූ අවස්ථාවේදී එයට ගෞරව දැක්වීමට පැමිණ සිටි මෙම සැකකාර මන්ති‍්‍රවරිය, සිද්ධියේ පැමිණීලිකාර මන්තී‍්‍රවරියට බැන තර්ජනයකර පහරදී ඇතැයි මහරගම පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණීලි කළ නාගරික මන්තී‍්‍රවරිය ගැබිනියක් වන බවත් සිද්ධියෙන් පසු ඇය තවමත් ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් මහරගම පොලිසිය අධිකරණයට කරුනු ඉදිරිපත් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
470
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගැබිණි ප්‍රා.මන්ත්‍රිණියට පහරදුන් ප්‍රා.මන්ත්‍රිණියට ඇප
Bamunuarachchi Monday, 19 April 2021 11:32 AM
ගොබ්බයින් දේශපාලනයට ආවාම මෙහෙම වෙන එක පුදුම නැහැ.